මහ වැසි හේතුවෙන් කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබිණි. එම ප්‍රදේශේය පදිංචිකරුවකු වන ශෙනාල් චින්තක විසින් ඩ්‍රෝන කැමරාවක් මගින් අද (14) සවස ලබාගත් ගංවතුර දර්ශන කිහිපයක් මෙහි දැක්වේ.
මේ වනවිට මොරවක නගරයේ ජලය බැස යමින් පවතින බවත් වැසි නතර වී ඇති බවත් වාර්තා වේ. නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවල ඇති ජලය පහළට පැමිණීම හේතුවෙන් හෙට දිනයේත් මාතර සහ ඒ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවනු ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
චින්තක මල්ලී, එදා ගංවතුරට ගේත යටවෙයලා තියෙද්දි කිරමආර පහල අය දැනුවත් කරන්න කියල වැහි අඳුරෙම අවධානමක් අරගෙන ලක්ෂ ගානක් වටින ඩ්‍රොන් එක උඩට උස්සල shoot කරල ඒ දිපු සපෝට එක නම් පට්ට මල්ලී ජයවේවා ස්තූතීයි ගමේ හැමෝම වෙනුවෙන් .
Credit දීලා මෙහෙම Photos Use කරන එක ගැන ඇත්තෙන්ම සතුටුයි ❤️