-2.5 C
New York

නිල්වලා ගඟ දෙගොඩතලා යයි. ආරක්ෂාකාරී ප්‍රදේශවලට යන්න

Published:

නිල්වලා ගඟ ආශ්‍රිතව සැළකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෝඛා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ඇති අයහපත් කාලගුණික තත්වය නිසා තවමත් ප්‍ර‍දේශ ගණනාවකට වැසි ඇති වෙමින් පවතී.

ඉදිරි පැය 24 දී නිල්වලා ගඟ ‍පෝෂිත ප්‍රදේශවලට වර්ෂාපතනය තවදුරටත් පැතියහොත් ගංවතුර ඇතිවිය හැකි බැවින් අනතුරුදායක සහ පහත් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස දැනුම්දීමක් සිදුකරයි.

අද (14) අලුයම සිට මේ දක්වා නිල්වලා ගංඟා නිම්නයේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇත. මේ වනවිට දෙණියාය, මොරවක, පිටබැද්දර ප්‍රදේශවල පහත් බිමි සියල්ල ජලයෙන් යටවී ඇති අතර නිල්වලා ගඟ ද ස්ථාන කිහිපයකින් පිටාර ගලමින් තිබේ.

ඉදිරි කාලයේ දී දෙනියාය, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. .

එබැවින් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් මේ ගැන සැලකිලිමත් වන ලෙස ද දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img