spot_img
spot_imgspot_img

මහින්ද විදුහල්පතිගේ සිද්ධිය සමථයට. පැමිණිල්ල ඉල්ලා අස්කරගනී

පුවත්

විදෙස්

මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධනට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ල සිද්ධිය සමථයකට පත්කරගැනීමෙන් පසු ඊයේ (14) ඉල්ලා අස්කරගෙන ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

පෙරේදා (12) රාත්‍රී තම බිරිඳ රෝහලේ නවතා රාත්‍රී 11.30ට පමණ පාසලේ නිල නිවාසයට පැමිණි අවස්ථාවේ තම රථය පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයකු තමන්ට පහරදුන් බවත් ඒ අවස්ථාවේ අවට සිටි අය මැදිහත්වීම නිසා, පහරදුන් තැනැත්තා යතුරුපැදිය සහ ජංගම දුරකථනය දමා පළාගිය බවත් විදුහල්පති අතුල විජේවර්ධන ‍පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව ස්ථානීය පරීක්ෂණයක් කළ පොලිසිය සැකකරු පැමිණි බව කියන යතුරුපැදිය සහ ජංගම දුරකථන දෙක පොලිස් බාරයට ගෙන තිබිණි.

මේ අතර ඊයේ (13) දහවල් අදාල සැකකරු විද්‍යාලයට පැමිණ එම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර විදුහල්පතිවරයාගෙන් සමාව ගෙන ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය ඊයේ (13) දහවල් මහින්ද විද්‍යාලයට ගොස් සැකකරු පොලිසියට රැගෙන රැගෙන විත් තිබිණි.

විදුහල්පති අතුල විජේවර්ධන ද ඉන්පසු පොලිසියට පැමිණ පවසා ඇත්තේ සැකකරු තමන්ට කණගාටුව ප්‍රකාශ කරමින් සමාව ගත් බවයි. සිදු වූ වරද ඔහු තේරුම්ගෙන ඇති බැවින් තවදුරටත් මෙහි විමර්ශන කටයුතු අවශ්‍ය නොව් යැයි ද පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා බව ද විදුහල්පති අතුල විජේවර්ධන ගාල්ල පොලිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්තිි සොයිසාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයලත් වසන්ත විසින් ඊයේ (13) සවස සැකකරු මුදාහැර පැමිනිල්ල අවසන් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!