spot_img
spot_imgspot_img

TikTok වීඩියෝවෙන් අපරාධ කල්ලියක් අල්ලයි ?

පුවත්

විදෙස්

TikTok වීඩියෝවක් ඔස්සේ කරන ලද පරීක්ෂණයකින් පසු යාපනය නෙල්ලඅඩි ප්‍රදේශයේ දී ආයුධ සමඟ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

පසුගිය දිනක තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ 54 හැවිරිදි පුද්ගලයකු පේදුරුතුඩුව මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු යාපනය ශිික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබිණි.

දැනට දින 10කට පමණ පෙර මෙම පහරදීමට අදාල වීඩියෝවක් TikTok වෙත කිසියම් පුද්ගලයකු විසින් එකතුකර තිබිණි. වේගයෙන් සංසරණය වෙමින් තිබූ එම වීඩියෝව ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කන්කසන්තුරෙයි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය නෙල්ලිඅඩි ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන්ගේ නිවාසවල සඟවා තිබූ කඩු, කෙටේරි සහ පොරෝ ඇතුළු තියුණු ආයුධ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සන්නද්ධ කල්ලියක සාමාජිකයන් බවට තොරතුරු ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

කන්කසන්තුරෙයි පොලිසිය පවසන්නේ සැකකරුවන් අද (14) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!