-3.4 C
New York

නෙළුවේ දී දරුවන් හතර දෙනකු අතුරුදන්

Published:

එකම නිවසක නතර වී සිටි පිරිමි දරුවන් හතර දෙනකු ඊයේ (13) රාත්‍රී සිට ආගිය අතක් නැතිය නොළුව පොලිසියට එම දරුවන්ගේ දෙමාපියන් විසින් පැමිණිලි කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නෙළුවේ දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු 01ක, අවුරුදු 10ක සහ අවුරුදු 13ක දරුවන් සිව් දෙනෙකි.

තම දරුවන් නිවසේ නොමැති බව දැනගෙන දෙමාපියන් ඒ බව 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත. දෙමාපියන් මේ ප්‍රදේශයේ වතු ආශ්‍රිතව දෛනික රැකියාවල යෙදෙන බවත් ඒ සඳහා පවුල් කිහිපයක් එක්ව නිවස කුලියට ගෙන එහි වාසය කරන බවත් දෙමාපියන් පොලිසියට පවසා තිබේ.

Related articles

Recent articles

spot_img