-3.4 C
New York

කො‍ටස් ‍ වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 10,075ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 589ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 57ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,949ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 99
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 59
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 35

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (R) කොටස් මිලියන 14
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.8
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 3.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන් ජෙම්ස් සමාගම 25%
  • එස්එන්බී ලීසිං සමාගම  16%
  • ටෙක්ස්ට් ඇග්‍රෝ  සමාගම (X) 14%

සංවෘකත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 02ක් රුපියල් 116.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 299
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 14ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 36ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 22ක මුදලක් කොටස් වෙළෙඳ  පොළින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 6.4
  • බලංගොඩ වැවිලි සමාගම  රුපියල් මිලියන 5.2

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල්  බැංකුව රුපියල් මිලියන 35

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img