-2.5 C
New York

පාසල් දැරියන් අපයෝජනය කළ කළුතර ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට

Published:

පාසල් දැරියන් 16 දෙනකු පමණ අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වී සිටින උපකාරක පන්ති ගුරුවරයකු අද (11) අත්අඩංගුට ගත් බව කළුත‍ර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර පදිංචිව සිටි වයස අවුරුදු 30ක අයෙකි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය. තම සැමියාගේ පුද්ගලික පරිගණකයේ දැරියන් අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන එහි ඇති බව ඇය කළුතර පොලිසියට පැමිණිලි කර තිබිණි. එමෙන් ම ඇය දෙමාපියන් ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබූ බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ ඔහු විසින් අතවර කළ බවට සැකකරන දැරියන් 16 දෙනකු හා සම්බන්ධ තොරතරු ඔහු සතුව තිබී හමු වූ බවයි. මෙලෙස අතවරයට ලක් වූ පාසල් දැරියන් සොයා කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විශේෂ සෝදිසි කිරීමක් ද ආරම්භ කර තිබේ.

මෙම ගුරුවරයා කළුතර උතුර ගාලු පාරේ පුද්ගලික පන්තියක් පවත්වාගෙන යන අතර ඊට අමතරව වෙනත්  ස්ථානවල කුඩා කණ්ඩායම් පන්ති ද පවත්වා තිබේ.

සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Related articles

Recent articles

spot_img