spot_img
spot_imgspot_img

සමරිසි අයගේ අයිතීන් ආරක්ෂා කිරීමට සරල බහුතරයක් ප්‍රමාණවත්

පුවත්

විදෙස්

සමරිසි පුද්ගලයන්ගේ අයිතිට හරස්වී ඇති ඇති දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති ඉවත්කිරීමට ඇති හැකියාව පිළිබඳ ශේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (09) පාර්ලි‍මේන්තුවට දැනුම් දුන්නේය.

එහි දැක්වෙන්නේ ඒ සම්බන්ධ පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බැවින් සරල බහුතරයකින් සම්මත කරගැනීමේන පනත සම්මත කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක්විසින් පිටු 43කින් සමන්විත තීන්දුවක් කතානයකවරයාට එවා තිබණි. එම විනිසුරු මඩුල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන තිදෙනාගෙන් සමන්විත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පුද්ගලික මන්ත්‍රී පනතක් ලෙස පසුගිය අප්‍රේල් 04 වැනි දා සමරිසි සම්බන්ධතා සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ ඇති වගන්ති සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබිණි. පෙත්සම්කරුවන් තිදෙනකු මෙම පනත් කෙටුම්පත අභයෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් මෙය සම්මත කරන්න යැයි තීරණයක් ගන්නා ලෙසයි.

එමෙන් ම පනත් කෙටුම්පතට සහය පළකරන අතරමැදි පෙත්සම් 14ක් පුරවැසියන් 30ක් සහ සිවිල් සංවිධාන දෙකක් විසින් ගොනුකර තිබිණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!