-0.4 C
New York

හුදකලා ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය සේවාවලටත් යා නොහැකියි

Published:

හුදකලා කර ඇති ප්‍රදේශවල පිදිංචි කරුවන්ට අත්‍යවාශ්‍ය සේවා සඳහා හෝ පිටතට යාම සඳහා අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඔහු පවසන්නේ එම ප්‍ර‌දේශ යථා තත්ත්වයට පත්ව ඇතැයි නිවේදනය කරන තුරු මෙය බලපාන බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ අද (08) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

” මේ ප්‍රදේශවල පදිංචි කිසිම කෙනෙකුට බැහැර යාමට අවසරයක් නැහැ. අත්‍යාවශ්‍ය සේවාවල නියැලෙන අයටත් එය අදාලයි. මේ ප්‍රදේශවල පිහිට වෙළෙඳ සැල්, ඖෂධ අළෙවි සැල්වලට පුළුවන් ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ අවශ්‍යතා අනුව ඇණවුම් භාරගෙන ඒවා නිවෙස්වලට යවන්න.” ඔහු වැඩිදුරටත් කීවේය.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් වසා දමා තිබූ අධිවේගී පිවිසුම් ස්ථාන ද හෙට අළුයම යළි විවෘත කරන බවයි.

Related articles

Recent articles

spot_img