-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 11,882ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 885ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,926ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව ‍රුපියල් මිලියන 164
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 84
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 70

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10.7
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 4.8
  • එච්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 4.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • එස්එන්බී ලීසිං සමාගම 16%
  • කාගෝ බෝට් සමාගම  15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් මිලියන 1.5ක් රුපියල් 115.00 බැගින්
  • කීල්ස් හෝටල් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 17.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 304
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 20ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 22ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 12
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම  රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 19
  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img