spot_img

කොංගෝවේ ගංවතුරින් 400කට අධික පිරිසක් මරුට

පුවත්

විදෙස්

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර පළාතේ ගම්මාන දෙකකට බලපෑ ගංවතුර සහ නායයෑම්වලින් පසු මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා(04) පැවති ධාරානිපාත වර්ෂාවෙන් පුද්ගලයින් 200 දෙනෙකු මිය ගිය බවයි.

කිවු වැවේ වෙරළට ආසන්න ගම්මාන කිහිපයක මිනිසුන්, අතුරුදන් වූ ඥාතීන් සොයා තම දෑතින් මඩ හාරමින් සිටිති.

කොංගෝවේ රතු කුරුස ස්වේච්ඡා සේවකයන් පවසන්නේ මළ සිරුරු භූමදාන කිරීම සඳහා බහාලන බෑග් පවා නොමැති බවයි. දකුණු කිවු පළාතේ බුෂුෂු සහ නයමුකුබි ගම්මානවල ඇතිරිලිවල ඔතා සිරුරු ගොඩගැසීමට ඔවුන්ට සිදුව තිබේ.

ගංවතුර ඇති වී දැනට දින තුනක් ගතවී ඇති අතර මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර මේ වන විට 394 දක්වා ඉහළ ගොස් තිබේ.

නයමුකුබි හි කලකිරුණු මවක් පැවසුවේ තම ස්වාමිපුරුෂයා දිවි ගලවාගෙන රෝහල්ගතව සිටින නමුත් ඇගේ දරුවන් සියල්ලෝම මියගොස් ගොස් ඇති බවයි.

“එය ලෝකයේ අවසානය හා සමානයි,” යනුවෙන් ඇගේ දෙමාපියන් සහ සහෝදරියන් දෙදෙනාද අහිමි වූ 27 හැවිරිදි තරුණියක AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

බුෂුෂු ගම්මානයේ සමහර ගොඩනැගිලි මඩේ අඩක් වැළලී ඇත. ලී ලෑලිවලින් සෑදූ නිවාස, වතුරේ ගසාගෙන ගියේය.

පසුගිය සතියේ ද අසල්වැසි රුවන්ඩාවේ කිවු විල හරහා ගංවතුර ඇති වූ අතර එහිදී 130කට වැඩි පිරිසක් මිය ගියහ. 

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී António Guterres පැවසුවේ ගංවතුර, කාලගුණික විපර්යාස වේගවත් වන බවට තවත් නිදර්ශනයක් බවයි.

https://www.bbc.com/news/world-africa-65521521?xtor=AL-72-%5Bpartner%5D-%5Bbbc.news.twitter%5D-%5Bheadline%5D-%5Bnews%5D-%5Bbizdev%5D-%5Bisapi%5D&at_format=link&at_ptr_name=twitter&at_bbc_team=editorial&at_medium=social&at_campaign=Social_Flow&at_link_origin=BBCWorld&at_campaign_type=owned&at_link_type=web_link&at_link_id=7258627C-ED10-11ED-8C83-00FDD772BE90

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles