spot_img

පාසල් සිසුන් පිරමීඩ ජාවාරමේ. විදුහල්පතිවරුන් පවා හවුල් වෙලා

පුවත්

විදෙස්

පිරමීඩ වංචා සඳහා පාසල් සිසුන් යොදා ගනිමින් ඔවුන් මාර්ගයෙන් දෙමාපියන් පොළඹවාගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්මේන්ුව පවසයි.

මෙම පිරමීඩාකාර වංචා සඳහා පාසල් සිසුන් බඳවාගෙන ඇති බව විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවත්, ඔවුන් මාර්ගයෙන් දෙමව්පියන් සතු මුදල් ලබාගන්නා බවත් ඇතැම් අවස්ථාවල දී දරුවන්ගේ පෙළඹවීම හේතුවෙන් දෙමාපියන් ද සෘජුව මේ සඳහා සම්බන්ධවන බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

ඇතැම් පාසල් සිසු සිසුවියන් දෙමාපියන්ගේ රන් භාණ්ඩ සොරකම් කර ඒවා උගස් තබා මුදල් රැගෙන පිරමීඩ ජාවාරමට සම්බන්ධ වන බව ද වාර්තා වී ඇත. Zoom App භාවිතා කරමින් පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා බඳවාගැනීම් සිදුකරන බව ද වාර්තා වේ.

මහ බැංකුව පවසන්නේ ග්‍රාමීය වශයෙන් බොහෝ පිරිසක් පිරමීඩ වංචාවට හසු වී ඇති බවයි. මේ සඳහා විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් පවා සම්බන්ධ වී ඇති බව ද මෙහි දී අනාවරණය වී තිබේ.

බැංකු පනත අනුව පිරමීඩ ජාවාරම නීති විරෝධී සහ අපරාධමය වරදක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles