-0.7 C
New York

සුදු හැඳගත් මේ කතෝලික චණ්ඩියා කවුද ?

Published:

සුදු පැහැති ඇඳුමක් ඇඳගත් කතෝලික පියතුමකු යැයි කියන පුද්ගලයකු කිසියම් නිවසකට පැමිණ එහි සිදුකරන පූජාවක් නතර කරන ලෙස තර්ජනය කර පහරදීමට තැත්කරන දර්ශන සහිත වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

එහි දැක්වෙන්නේ නිවැසියන් කිසියම් පුද්ගලයකු ගෙන්වාගෙන පූජාවක් පවත්වන බවයි. හදිසියේ ම එතැනට පැමිණෙන පූජකවරයා නිවැසියන්ට සහ පූජාව පවත්වන තැනැත්තාට තර්ජනය කරයි. පහරදීමට තැත් කරයි. මේ කතෝලික නිවසක් බවත් ගහලා පන්නන් ඉස්සෙල්ලා පලයං යැයි ද කියයි.

නිවැසියන් බැගෑපත්ව කියන්නේ තමන් ආගම අතහැර නැති බවයි.

නමුත් පියතුමා දිගින් දිගටම බැන වදී

මෙය ආගමික වෛරය පැතිරවීමකි. පියතුමා කවුරුන්දැයි දන්නේ නැත. නමුත් ඕනෑම මිනිසකුට තමන් කැමති ආගමක් ඇදහීමට මූලික අයිතිවාසිකමක් ඇති බව ඔහු තේරුම්ගත යුතුය.

Related articles

Recent articles

spot_img