-2.5 C
New York

හොර සල්ලි මිලියන 1.26ක් සමඟ විශ්වවිද්‍යාල සිසුවකු අත්අඩංගුවට

Published:

රුපියල් 1,263,500.00ක හොර මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි දෙදෙනකු පයෙි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

පලෙයි සේදිසි මුරපොළක දී සැකකටුයුත ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේ දී මෙම නෝට්ටු තොගය එහි සඟවා තිබිය දී සොයාගෙන ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තුන්වැනි වසර සිසුවකු වන ප්‍රධාන සැකකරු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ තවත් අයකුගේ ආධාරයෙන් මෙම මුදල් කිලිනොච්චියට රැගෙන යමින් සිටි බව අනාවරණය වී තිබේ.

පොලිසිය පවසන්නේ රුපියල් 5,000.00 ව්‍යාජ මුදල් නෝට්ටු 250ක් සහ රුපියල් 500.00 ව්‍යාජ මුදල් නෝට්ටු 27ක් තිබී සොයාගත් බවයි.

Related articles

Recent articles

spot_img