spot_img
spot_imgspot_img

නිල්ගල රක්ෂිතය කැපූ මන්ත්‍රී අත්අඩංගුවට

පුවත්

විදෙස්

බිබිල නිල්ගල රජයේ රක්ෂිත කැලයට අනවසරයෙන් ඇතුළු වී බඩ ඉරිඟු වගාව සඳහා යැයි පවසමින් කැලෑ කපා බිම් සකසමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 06 දෙනකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්ත් මැදගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසකි. ඔවුන් හෙට (09) අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය. මෙම පිරිස කොටුකරගෙන ඇත්තේ මොණරාගල දිසාවන නිලධාරී භාතිය දිසානායක ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි.

ඌව පතන්බිම්වලට ඇතුළත් නිල්ගල වනාන්තරය මෙරට ආවේණික සතුන් හා ශාක විශේෂ රැසකට වාසභූමි වූ අක්කර 25,000ක් පමණ විශාලත්වයෙන් යුතු යෝජිත රක්ෂිතයකි.

මෙම වනයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන විකිණීමේ ජාවාරමක් කලක සිට සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.

මේ සම්න්ධයෙන් දිසාවන නිලධාරී භාතිය දිසානායක මහතා මෙසේ කීවේය.

“ නිල්ගල වනාන්තරය ඇතුළුව මොනරාගල දිස්ත්‍රික්කයේ වනාන්තර රැසක අනවසර වගාකිරීම් සිදුවෙනවා. අපි පසුගිය දිනවල විෂය භාර අමාත්‍යවරයා ද සමග පැවැති සාකච්ඡාවක දී එකඟ වුණා 2019 වර්ෂය දක්වා වගා කරපු අනවසර වගාකරුවන්ට මේ කන්නයේ පමණක් එම ඉඩම්වලම වගාකටයුතු කිරීමට අවසර දෙන්න. අලුතෙන් ඉඩම් එළි පෙහෙළි කරන්න අවසර දීලා නැහැ. නමුත් මොවුන් අලුතෙන් ඉඩම් අල්ලාගෙන වගා කරලා තියෙනවා. එය ඔවුන් ද පිළිගත්තා. අපි ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනවා.”  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!