spot_img
spot_imgspot_img

රෝහලේ ඔක්සිජන් ටැංකි හොරාගත් මහා ජාවාරමක් හෙළිවෙයි

පුවත්

විදෙස්

පොළොන්නරුව රෝහලේ ඔක්සිජන් ටැංකි පිට පළාත්වලට ගෙන ගොස් විකුණූ සෞඛ්‍ය සේවකයකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන් ඔක්සිජන් ටැංකි 80ක්‍ සොරාගෙන විකිණීමට සූදානම්ව සිටිය දී ලොරි රථයක් ද සමඟ අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හිස් සිලින්ඩර මෙන්ම ගෑස් සහිත සිලින්ඩර ද තිබී ඇත.

ප්‍රධාන සැකකරු පොළොන්නරුව පලුගස්දමන පදිංචි 43 හැවිරිදි අයකු බවත් ඔහු පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය අංශ සේවකයකු බවත් අනෙකුත් සැකකරුවන් රටේ විවිධ ප්‍රදේශවල රෝහල්වලට ඔක්සිජන් සැපයුම් කරන පුද්ගලික ආයතනයක සේවකයන් බවත් පොළොන්නරුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

2020 වර්ෂයේ මාර්තු මාසයේ සිට මේ දක්වා පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් ටැංකි 208ක් අතුරුදන්ව ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව විමර්ශනයක් සිදුකර රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කර්ය සහායක අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී මේ ජාවාරම හෙළි වූ බව පොලිසිය කියයි.

එම සෞඛ්‍ය සේවකයා ඔක්සිජන් ටැංකි විකුණා ඇත්තේ එකක් රුපියල් 40,000.00ක පමණ මුදලකට බවත් එම ටැංකි ගෙනගොස් සෞඛ්‍ය සේවකයාගේ ගිනුමට මුදල් බැර කළ බවට සාක්ෂි ලැබුණු බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!