spot_img
spot_imgspot_img

අධ්‍යාපන කාර්යාලයක්, රාජකාරී වෙලාවේ පෙහෙවස් සමාදන් වෙයි. රාජකාරී පැහැර හැරලා

පුවත්

විදෙස්

වෙසක් පොහොයට රාජ්‍ය සේවකයන්ට ආගමික කටයුතු වල නිරතවීම සඳහා රජයේ නිවාඩු දින දෙකක් වෙන්කර තිබිය දී ඊයේ (04) මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ සේවක සේවිකාවෝ රාජකාරී වේලාවේ දී පෙහෙවස් සමාදන්ව රාජකාරීවලින් බැහැර  වී සිටීමේ පුවතක් වාර්තා වෙයි.

ඊයේ (04) විවිධ අවශ්‍යතා සඳහා මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයට ගිය කිසිම පුද්ගලයකුට තම අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකියාව ලැබී නැත. කාර්යාලයේ ගේට්ටුව අසළ දී ම පවසන්නේ “අද සර්ලා මිස්ලා සිල් අරන්“ යනුවෙනි. ඒ නිසා එහි ගිය සියලු දෙනා ඊයේ ආපසු හැරී ගියහ.

උදෑසන 8.30ට පැමිණීමේ ඇඟිලි සලකුණු තබා සියලු රාජකාරී අමතක කර ආගමික කටයුතුවල නිරත වූ මෙහිි සේවක සේවිකාවෝ දවල් දානය ද වළදා සවස 4.15ට ඇඟිලි සළකුණු තබා යළි පිටව ගිය ඔවුන්ට එදින සිල් සමාදන්වීම ඇතුළු ආගමික කටයුතු වෙනුවෙන් රජයෙන් වැටුප් ද හිමිවෙයි.

මහජන වියදමින් නඩත්තුවන කාර්යාලයක රාජකාරිය මෙය ද යන්න ගැටලුවකි.

අප මේ පිළිබඳ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාසගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දීලා තිබුණා වෙසක් දිනය වෙනුවෙන් ආගමික වැඩසටහන් කරන්න කියලා. සිල් සමාදන් වීම වැරදි දෙයක් නෙවෙයි නේ. ඊයේ මහනජ දිනයකුත් නෙවෙයිනේ. අපි බෞද්ධයෝ නේ.“ ඔහු පිළිතුරු දුන්නේය.

අපි ඔහුගෙන් මෙසේ විමසූවෙමු.

“රාජකාරී කරන්න තියෙන්නේ මහජන දිනයේ දී විතර ද ? අනිත් දවස්වලට මහනුවර අධ්‍යාපන කලාප කාර්යලයේ රාජකාරී කරන්නේ නැද්ද ?“

“නෑ එහෙම නෙවෙයි. මහජන දිනයක් වෙන්කරලා තියෙනවා“

“එතකොට ඔබ කියන්නේ මහජන දිනයේ හැර වෙනත් දිනවල දී කාර්යාලයට කාටවත් එන්න බැහැ කියල ද ?“

“නෑ මම එහෙම කියන්නේ නෑ. හැබැයි ඉතින් වෙසක් එක වෙනුවෙන් බෞද්ධයෝ සිල් සමාදන් වීම වැරදි නැහැනේ“

“වෙසක් එකට බෞද්ධයන් සිල් සමාදන්වීම වැරැද්දක් කියලා අපි කියන්නේ නැහැ අධ්‍යක්ෂතුමා. හැබැයි මේ රාජකාරී කරන්න ඕන වෙලාව. වෙසක් පොහොය වෙනුවෙන් රජය නිවාඩු දින දෙකක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. අද සිකුරාදාත් නිවාඩුයි. ඒ රජයේ නිලධාරීන්ට. ඉතින් රජයේ නිලධාරීන්ට සිල් සමාදන් වෙන්න අවශ්‍යනම් තම තමන්ගේ ආගමික වැඩ ඒ නිවාඩු දවසේ කරන්න පුළුවන්නේ. ඒකට රාජකාරී වෙලාව යොදා ගැනීම වැරදියි නේද ?“

“ඔව් ඒ කතාවට නම් මම එකඟ වෙනවා. මම මේ ගැන සොයා බලන්නම්“

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එසේ කීවේය.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් සේමසිංහගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තමන් දැනුම්වත් නැති බවයි. වෙසක් දින සහ ඊට පසු දින රජයේ නිවාඩු දින බවට පත්කර තිබිය දී රාජකාරී දිනක සිල් සමාදන්වීම වරදක් බැවින් ඒ පිළිබඳ සොයාබලන බව ද අධ්‍යාපන ලේකම්වරයා කීවේය.

2 COMMENTS

  1. නිවාඩු දීල තිබුණ දවසෙ සිල් නොගෙන රාජකාරී දවසක සිල් අර ගන්නව කියල වල් බූත, ඕප දූප කථා කර කර රාජකාරිය පැහැර හැරිය මේ බොරැ ශ්‍රද්ධා වේශයක් මවාගෙන උතුම් ශීලෙ විකුනං කාපු එවුන්ට එදිනට පඩි ගෙවන්ඩ එපා. මුන්ගෙ හොර ශීලෙ. මේ වගේ සත්තු උතුම් බුදු දහමටත් අගෞරවයක්.

  2. පියදාසයා නේ, ඕකාමයි වැඩේ ඕගනයිස් කරන්න ඇත්තේ, නුවරඑලියේ ඉද්දී කාර්යාලයේ වැඩ කරන හින්දු මුස්ලිම් කෙල්ලන්වත් පටෝගන පන්සල් යනවා කාර්යාල වෙලාවේම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!