5.2 C
New York

පාසලේ වෙඩි තැබීමෙන් ගුරුවරුන් හතර දෙනකු මරුට

Published:

පකිස්ථානයේ වයඹ දිග කුරම් දිස්ත්‍රික්කයේ පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ගුරුවරුන් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.

තාරි මංගල් රජයේ උසස් පාසලේ කාර්ය මණ්ඩල කාමරය තුළ සිදුවූ මෙම සිද්ධියට තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි.

ඇෆ්ගනිස්තානයට මායිම්ව පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක් වන කුරම් දිස්ත්‍රික්කයේ පාසලේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ තොරතුරු තවමත් අපැහැදිලි වන අතර පොලිසිය කිසිදු සැකකරුවකු හඳුනාගෙන නොමැත.

නිලධාරීන්ට අනුව, පෙරදින උදෑසන කුරම් දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ වෙඩි තබා ඝාතනය කර ඇත. ඔහු එම පාසලේම සාමාජිකයකු බව විශ්වාස කෙරිණි.

ඊට පළිගැනීමක් වශයෙන් තාරි මංගල් නම් කුඩා නගරයේ පාසලක් වටලා ඇති බව ඔවුහු පවසති.

පාසැලේදී අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගිය අතර, ඔවුන්ගෙන් අවම වශයෙන් හතර දෙනෙකු ගුරුවරුන් සහ ඔවුන්ගෙන් දෙදෙනෙකු උපස්ථායකයන් විය. පොලිසියට ද ප්‍රහාරයක් එල්ල වූ අතර තිදෙනෙකු තුවාල ලබා ඇත. 

තාරි මංගල් ඇතුළත් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මණ්ඩලයේ සභාපතිනි සමීනා අල්තාෆ් පැවසූයේ පාසල තුළ සිසුන් ආරක්ෂිතව සිටින බවයි.

ප්‍රාදේශීය වාර්තාවලට අනුව තුවක්කුකරුවන් ඇතුළු වී වෙඩි තබන විට තාරි මංගල්හි ගුරුවරුන් විභාග රාජකාරි ඉටු කරමින් පාසලේ සිටි බව පැවසේ.

හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය පක්ෂයේ නිල ට්විටර් ගිණුම හරහා මෙම ඝාතනය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර ඇත්තේ එය ත්‍රස්තවාදයක් ලෙස සඳහන් කරමිනි.

https://www.bbc.com/news/world-asia-65480770

Related articles

Recent articles

spot_img