-2.5 C
New York

හඳහන් බලනවා කියා කතුන් රවටා, ඔවුන් ලිංගික සේවා සපයන්නන් බවට පත්කළ අයෙක් අධිකරණයට

Published:

“හඳහන් බලනවා” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් කාන්තාවන් රැවටූ ජෝතිර්වේදියකු බව කියන පුද්ගලයකු ලබන 08 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් බන්ධනාගාර අධිකාරීට ඊයේ (03) නියෝග කර තිබේ.

මෙම සැකකරු මූල්‍ය වංචාවක් සම්බන්ධව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් මෙම නියෝගය නිකුත් කෙරිණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනි.

හම්බන්තොට පදිංචිකරුවකු වන සැකකරු ශෂී ඩ්‍රාවින් නමැති අන්වර්ථ නාමයකින් පෙනී සිට ඇතැයි ද වාර්තා වේ.

ඔහු හඳහන් බලන බවට facebook දැන්වීම් පළකර එම දැන්වීම අනුව කතා කරන කාන්තාවන් රවටා ඔවුන්ගේ ඡායාරූප ගෙන්වාගෙන එම පින්තූර භාවිතා කරමින් ලිංගික සේවා සපයන කාන්තාවන් ඇති බවට වෙනත් දැන්වීම් නිර්මාණය කර තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට  දැනුම් දුන්නේය.

Related articles

Recent articles

spot_img