-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 10,320ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 611ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 88ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,799ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 127
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 56
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 45

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 02
  • එල්ඕඑල්සී ‍ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 01

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • බේරුවල රිසෝට් සමාගම 15%
  • මල්වත්ත වැලි සමාගම (X) 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 215,000ක් රුපියල් 135.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 299
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 25ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 99ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 74ක මුදලක් කොටස් වෙළෙඳ  පොළින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සීඅයිසී සමාගම  රුපියල් මිලියන 06
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03
  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 87
  • ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img