spot_img
spot_imgspot_img

මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රි ලංකාවට 135 වැනි තැන. දුස් තොරතුරු මාධ්‍යයට තර්ජනයක්

පුවත්

විදෙස්

2023 දී ලෝක මාධ්‍ය නිදහස දර්ශකයට අනුව රටවල් 180ක් අතරින් මාධ්‍ය නිදහස  අතින් ශ්‍රී ලංකාව 135 වැනි තැනට පත්ව සිටියි. 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව 146 වැනි තැනට පත්ව තිබිණි.

ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන්ට එරෙහිව රාජ්‍ය මර්ධනය දියත්වීම, උතුරේ පැවති යුද්ධයට සමීපව බැඳී ඇති අපරාධ, දේශපාලනික කණ්ඩායම් ක්‍රියාකාරීත්වය විසින් සිදුකරන මර්ධන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය බෙහෙවින් අවදානම් තත්වයකට පත්ව ඇති බව එම දර්ශකයේ තවදුරටත් දක්වා ඇත.

ලෝක මාධ්‍ය නිදහස් දිනය සමරන සෑම වර්ෂයක ම මැයි 03 වැනි දා දේශ සීමා රහිත වාර්තාකරුවන් (RFS) විසින් ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය වාර්ෂිකව එළිදක්වයි. මෙවර එහි 21 වැනි සංස්කරණය දේශපාලන, සමාජයීය සහ තාක්ෂණික කැළඹීම් සමඟ සම්බන්ධ දත්ත මත පදනම්ව සකසා තිබේ.

එම දර්ශකය අනුව ලෝකයේ රටවල් 31ක මාධ්‍ය නිදහස පිළිබඳ ඉතාමත් බරපතල තත්වයක් ඇති බව පෙන්වා දෙයි. රටවල් 42ක මාධ්‍ය කර්මාන්තය දුෂ්කර තත්වයක ඇති බවත්, රටවල් 55ක තත්වය ගැටලු සහගත බවත් එම දර්ශකයේ දැක්වේ. මාධ්‍ය නිදහස හොඳ හෝ සතුටුදායක තත්වයක ඇති රටවල් ලෙස සැළකෙන්නේ එම රටවල් 180 ක ලේඛනයේ ඉහළින්ම සිටින රටවල් 52 පමණි.

https://rsf.org/en/2023-world-press-freedom-index-journalism-threatened-fake-content-industry?data_type=general&year=2023

ඒ අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සැළකූ විට වර්ගීකරණය වී ඇත්තේ “දුෂ්කර තත්වයක්” ලෙසිනි.

මෙම දර්ශකය අනුව පෙනී යන්නේ ලෝකයේ ජනමාධ්‍ය නිදහස සැළකූ විට ලොව රටවල් 70%ක නරක තත්වයක් ඇති බවයි. සෑහීමකට පත්විය හැක්කේ ලොව රටවල් අතිරින් 30%ක පමණි.

‍හත්වැනි වරටත් නෝර්වේ රාජ්‍යය ඉහළම ජනමාධ්‍ය නිදහසක් ඇති රට බවට පත්ව ඇති අතර අයර්ලන්තය දෙවැනි තැනටත්, ඩෙන්මාර්කය තුන්වැනි තැනටත් පත්ව තිබේ.

මෙම දර්ශකය අනුව ජනමාධ්‍ය නිදහසක් නොමැති රටවල් අතර අවසන් ස්ථාන තුනම ලබාගෙන ඇත්තේ ආසියාවේ රටවල් විසිනි. වියට්නාමය 178 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්වාධීන වාර්තාකරුවන් සහ විචාරකයන් මර්ධනය කිරීම හේතුවෙනි. 179 වැනි ස්ථානය චීනයටත්, අවසන් ස්ථානය හෙවත් 180 වැනි තැන උතුරු කොරියාවටත් හිමි වී තිබේ.

දේශ සීමා රහිත වාර්තාකරුවන් (RFS) ගේ ප්‍රධාන ලේකම් ක්‍රිස්ටෝපර් ඩෙලෝයර් මෙසේ පවසයි.

“ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය විමර්ශනය කළ විට පෙනී යන්නේ බ්‍රසීලය ස්ථාන 18කින් ඉහළ යාම සහ සෙනගල් ස්ථාන 31කින් පහත වැටී ඇති බවයි. මෙය මෙවර ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ප්‍රධාන ඉහළ සහ පහළ යාම් ලෙස හඳුනාත හැකිය. මෙවැනි තත්වයක් තුළ විශාල අස්ථාවරත්වයක් පෙනී යයි. එය එසේ වන්නේ බොහේ රටවල බලධාරීන්ගේ මර්ධනකාරී ක්‍රියා පිළිවෙත සම සමාජ මාධ්‍ය හා භෞතික ලෝකයේ මාධ්‍යවේදින් කෙරෙහිි වැඩෙන වෛරයේ ප්‍රතිඵලයකි. අස්ථාවරත්වය යනු සාවද්‍ය තොරතුරු නිපදවීම සහ බෙදා හැරීම සහ ඒවා නිෂ්පාදනය කිරිමේ යෙදෙන මෙවලම් සපයන ව්‍යාජ අනත්ර්ගතයන් ද මාධ්‍ය කර්මාන්තයේ වර්ධනයේ ප්‍රතිවිපාකයකි.”

ව්‍යාජ අන්තර්ගත මාධ්‍ය කර්මාන්තයට කරන බලපෑම

 2023 දර්ශකය ඩිජිටල් පරිසර පද්ධතියේ ව්‍යාජ අන්තර්ගත කර්මාන්තයේ මාධ්‍ය නිදහස මත ඇති කර ඇති වේගවත් බලපෑම් ඉස්මතු කරයි. රටවල් 118 ක (දර්ශකය විසින් ඇගයීමට ලක් කරන ලද රටවල් 180 න් තුනෙන් දෙකක්) දර්ශක ප්‍රශ්නාවලියේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් වාර්තා කළේ තම රටවල දේශපාලන ක්‍රියාකාරීන් විශාල වශයෙන් සාවද්‍ය තොරතුරු හෝ ප්‍රචාරක ව්‍යාපාරවලට බොහෝ විට හෝ ක්‍රමානුකූලව සම්බන්ධ වන බවයි. තොරතුරු දැනගැනීමේ අයිතිය අනතුරේ හෙළමින් සත්‍ය සහ අසත්‍ය, සත්‍ය සහ කෘතිම, කරුණු සහ කලාකෘති අතර වෙනස බොඳ වෙමින් පවතී. ගුණාත්මක පුවත්පත් කලාවක් මූර්තිමත් කරන සහ පුවත්පත් කලාවම දුර්වල කරන අයව යටපත් කිරීමට අන්තර්ගතය විකෘති කිරීමේ පෙර නොවූ විරූ හැකියාව භාවිතා වේ.

කෘතිම බුද්ධියේ කැපී පෙනෙන වර්ධනය, මේ වනවිටත් හෑල්ලුවට ලක්වෙමින් තිබෙන මාධ්‍ය ලෝකයට තවත් විනාශයක් සිදුකරමින් සිටියි.

RSF විසින් සම-ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වන Forbidden Stories consortium විසින් කරන ලද පරීක්ෂණයකින් පෙන්නුම් කරන පරිදි, සාවද්‍ය තොරතුරු කර්මාන්තය විශාල පරිමාණයෙන් අන්තර්ගතය බෙදා හරියි. 

ප්‍රචාරක යුද්ධය

2023 දර්ශකයේ 2022ට සාපේක්ෂව  ස්ථාන නවයක් පහත වැටී ඇති රුසියාව මෙවර 164 වැනි තැන පසුවෙයි. වාර්තාගත කාලයකදී, තහනම් කර, අවහිර කර සහ/හෝ ප්‍රකාශ කර ඇති, ඉතිරිව ඇති ස්වාධීන රුසියානු මාධ්‍ය ආයතන වෙන කවරදාටත් වඩා දැඩි ලෙස මර්දනය කරන අතරම, දකුණු යුක්රේනයේ වාඩිලාගෙන සිටින ප්‍රදේශවල ක්‍රෙම්ලිනයේ පණිවිඩය පතුරුවා හැරීමට කැප වූ නව මාධ්‍ය අවි ගබඩාවක් මොස්කව් පිහිටුවා ඇත. විදේශ නියෝජිතයන් යුක්රේනය තුළ රුසියාව කරන යුද අපරාධ හේතුවෙන් ආරක්ෂාව සඳහා දර්ශකයේ නරකම තැනක් රුසියායට ලැබී තිබේ.

ඇමෙරිකාවේ වැටීම

ඇමෙරිකා එක්සත් ජනපදය ද ස්ථාන තුනකින් පහතට වැටී 45 වැනි ස්ථානයට පත්ව සිටියි. Biden පරිපාලනයේ උත්සාහයන් නොතකා මාධ්‍යවේදීන් සඳහා පරිසරය (විශේෂයෙන් ප්‍රාදේශීය මට්ටමේ නීතිමය රාමුව සහ පුළුල් ප්‍රචණ්ඩත්වය) පිළිබඳව දර්ශක ප්‍රශ්නාවලියේ එක්සත් ජනපද ප්‍රතිචාර දැක්වූවන් සෘණාත්මක විය. මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ( 2022 සැප්තැම්බර් මාසයේදී Las Vegas Review Journal හි ජෙෆ් ජර්මන් සහ 2023 පෙබරවාරි මාසයේදී Spectrum News 13 හි ඩ්‍යාලන් ලියෝන්ස් ඝාතනයන් රටේ ශ්‍රේණිගත කිරීම කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!