8.6 C
New York

කුරුණෑගල හිටපු නගරාධිපති ගැන පරීක්ෂණ වාර්තාව බාරදෙයි

Published:

කුරුණෑගල මහා නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා වරදක් කර ඇත්දැයි සොයා බැලීම සඳහා පත්කරන ලද ඒක පුද්ගල කමිටුවේ වාර්තාව අද (02) වයඹ පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික අද්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරන්නාගොඩ වෙත බාර දෙන ලදී

හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ හට එල්ල වූ චෝදනා හේතුවෙන් ආණ්ඩුකාරවරයා විසින් ඔහු තනතුරෙන් ඉවත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

හිටපු නගරාධිපතිවරයා නගර සභා ආඥා පනත අනුව වරදක් කර ඇත්දැයි සොයා බැලීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඊ.එම්.එම්.ලලිත් ඒකනායක පත්කරන ලද අතර ඔහු විසින් කරුණු පරීක්ෂා කර බලා සැකසූ වාර්තාව මෙලෙස අද (02) දින බාර දුන්නේය.

Related articles

Recent articles

spot_img