9.9 C
New York

තවත් වසංගතයක් රට පුරා පැතිරෙයි. දැනටමත් රෝගීන් 30,000ට ආසන්නයි

Published:

උණ වැළඳී දින දෙකක් පවතින්නේ නම් හැකි ඉක්මණින් ඩෙංගු සඳහා පරීක්ෂාව සිදුකරගන්නා ලෙස සෞඛ්‍ය අංශ සියලු ජනතාව‍ගෙන් ඉල්ලා සිටියි.

මෙයට හේතු වී ඇත්තේ ඩෙංගු ත්‍රී වයිරස් ප්‍රභේදය වසර කිහිපයකට පසු නැවත වතාවක් රට පුරා පැති‍රෙමින් තිබීමයි.

වරින් වර වැසි ඇතිවන කාලගුණික තත්වය සමඟ ඩෙංගු සහ මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ පර්යේෂණ මගින් තහවරු කර ඇත්තේ මේ දිනවල ඩෙංගු තුන්වැනි කාණ්ඩයේ ‍වයිරසය ප්‍රමුඛ වී ඇති බවයි. එම වයිරසයට එරෙහිව ශ්‍රී ලාංකික ජනතාව තුළ ප්‍රතිදේහ ගොඩනැගී නොමැති බැවින් දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි ද මාරාන්තික තත්වයකට ගොදුරුවීමට ඉඩ ඇතැයි ද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි.

ගත වූ මාස 04 තුළ පමණක් ඩෙංගු රෝගීන් 29,000ක් ඉක්මවා වාර්තා වී තිබේ. ඒ අතරින් 15 දෙනකු මියගිය බව ද ‍සෞඛ්‍ය අංශ තහවරු කරයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි පවසන්නේ ඩෙංගු රෝගීන් රෝහලට යොමු වීම පමා වුවහොත් ජීවිත අවදානම වැඩිවන බැවින් දින දෙකක් උණ පවතින්නේ නම් දෙවැනි දිනයේ දී ඩෙංගු පරීක්ෂාව කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.

Related articles

Recent articles

spot_img