-3.4 C
New York

ඉන්දියන් සාගරයේ වටිනාකම් නංවන්න, ජාත්‍යන්තර සහයෝගීතාවකට Factum මුලපුරයි

Published:

සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික සංවාදයක් ෆැක්ටම් ආයතනයේ සංවිධානයෙන් පසුගිය ඉරිදා (30) කොළඹ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශයේ සාමය සහ ආරක්ෂක අධ්‍යයනය ආයතනය (BIPSS) සහ මාලදිවයිනේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සඳහා වූ ානි මධ්‍යස්ථානය සමඟ එක්ව මෙය සංවිධානය කෙරිණි.
Factum යනු, ශ්‍රී ලංකාව සහ ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් නිදහස් චින්තන ආයතනයකි.
21 වැනි සියවසේ ඉන්දියානු සාගරයේ ඇතිවිය හැකි විශාල බල තරඟයක් පදනම් කරගනිමින් දකුණු ආසියාවේ කුඩා දූපත් සහ මුහුදුබඩ රාජ්‍යයන් අතර සහයෝගීතාවක් ඇතිකිරීම මෙම සංවාදයේ අරමුණ විය. එහි දී සමුද්‍රීය යටිතල පහසුකම් සැපයීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් තුළ සහයෝගීතාවක් ඇතිකිරීම හා එක් කේන්ද්‍රස්ථානයක් ලෙස සහ‍යෝගීතාව ඇතිකරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි. සමුද්‍රීය විපත්, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ ආර්ථික අභියෝග සහ වෙළෙඳාම සම්බන්ධ අභියෝග සමඟ කටයුතු කළ හැකි සහ කළ යුතු ආකාරය මෙහි දී අවධානයට ලක්විය.
විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් පමෙලා ජයසේකර ඩීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විද්වත් සාකච්ඡාවට BIPSS හි සභාපති මේජර් ජෙනරාල් මුනිරුස්සමන්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) වයි.එන් ජයරත්න සහ The Baani Center හි සම-නිර්මාතෘ තෝරික් හමීඩ් යන පිරිස සහභාගී වූහ.
“දකුණු ආසියාව සඳහා ඇති ලොකුම ගැටලුව වන්නේ කලාපය සඳහා සමුද්‍ර ආරක්ෂණය කියන කරුණ සම්බන්ධයෙන් නිශ්චිත සැළැස්මක් නොමැතිවීමයි.” යනුවෙන් BIPSS හි මේජර් ජෙනරාල් මුනිරුසාමාන් සඳහන් කළේය.
‘‘ඉන්දියානු සාගර කලාපය ජාත්‍යන්තර දේශපාලනයේ ඉතාමත් වැදගත් කේන්ද්‍රීය මධ්‍යස්ථානයක්. බලශක්ති සම්පත්වලින් 70% ක් සහ ගෝලීය තෙල් සැපයුම්වලින් 80% ක් ප්‍රවාහනය කරනු ලබන්නේ ඉන්දියන් සාගරය හරහාය.”
ඉන්දියන් සාගර අවකාශය තුළ සැළසුම් සහගතව ධාරිතා ගොඩනැගීමේ අවශ්‍යතාවක් පවතින බව රියර් අද්මිරාල් (විශ්‍රාමික) වයි.එන්.ජයරත්න මහතා පෙන්වා දුන්නේය. ” සමුද්‍රීය ආරක්ෂක යටිතල පහසුකම් සහ නිරීක්ෂණ වැඩිදියුණු කළ යුතුයි, පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාව තුළ සමුද්‍ර ආරක්ෂණ පද්ධතිය සැළකියයුතු ලෙස වැඩිදියුණු වී තිබෙනවා.”
“තෙල් කාන්දුවීම්, නීති විරෝධී මසුන් ඇල්ලීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය මාලදිවයින ප්‍රධාන වශයෙන් අවදානය යොමුකළ කරුණු” තෝරික් හමීඩ් සඳහන් කළේය.
“99% සාගර සහ 1% ගොඩබිම් සහිත මාලදිවයින වැනි රටකට දේශගුණික බලපෑම්වලින් පීඩාවට පත් නොවී සිටීම අපට ඉතාමත් අසීරු කරුණක්” ඔහු තවදුරටත් පැවසීය.
මෙම සංවාදයේ දී කරුණු 06කින් සමන්විත ප්‍රකාශනයකට ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයන්, විද්වතුන්, සිවිල් සමාජය ක්‍රියාකාරිකයන් සහ මෙම විෂයය කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ පිරිස් සහභාගී වී සිටියහ.

Factum පර්යේෂණ ප්‍රධානී උදිත දේවප්‍රිය ද මෙහි දී අදහස් දක්වන ලදී.

Factum, BIPSS, සහ Baani තේමාත්මක සහයෝගීතාව පවත්වා ගැනීමට සහ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කරන ලදී

Related articles

Recent articles

spot_img