කොරෝනා වයිරසය ගොඩනැගිලි ඇතුළත දී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක පවතින නමුත් ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා පවතින සියලු මාර්ග අනුගමනය කිරීම අඩුවෙන් ම සිදුවන්නෙ ගෘහස්ථ පරිසරයන්වල දී වීම ඉතාමත් ඛේදනීය තත්ත්වයකි.
දරුවන්, තරුණයන් ඇතුළු සියලු දෙනාම තම නිවසින්, කාර්යාලයෙන්, පාසලෙන්, ආපනශාලවෙන් පිටතට යනවිට මුඛ ආවරණ පළඳින අතර ඒවා ඇතුළට පැමිණ මුඛ ආවරණ ගලවා ගැනීම සිදුකරයි.
පසුගිය කාලයේ දී පාසල්වල සිදුකළේ ද පාසල් පන්තිකාමරයේ දී දරුවන්ට මුඛ ආවරණ අවශ්‍ය නැතැයි ගුරුවරුන් විසින් ම පැවසීමයි.
නමුත් මෙය නොකළ යුතු දෙයක් බව පර්යේෂකයෝ කියා සිටියි. ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ තමන් සිදුකරන ලද පර්යේෂණ දත්ත විශ්ලේෂණය කරමිනි. මෙහි දී භාවිතා කරන ආරක්ෂණ පියවර හා නිරාවරණය වීමේ කාලය මත පදනම්ව එදිනෙදා පුද්ලයන් මුහුණ දෙන අවස්ථා තුනක දී කොරෝනා ආසාදනය වීමේ සම්භාවිතාව පිළිබඳ විශ්ලේෂණයක් මෙම ලිපිය මගින් ඉදිරිපත් කරයි.
නිවස
පුද්ගලයන් හය දෙනකු පුද්ගලික නිවසකට එකතුවන අතර ඉන් එක් අයකු ආසාදනය වී ඇත. ස්පාඤ්ඤයේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ කොරෝනා ආසාදනයවීම් වලින් 31% සිදුවන්නේ ප්‍රධාන වශයෙන් පවුලේ අය සහ මිතුරන් අතර මේ ආකාරයේ එක්රැස්වීම් වලින් බවයි.
ආරක්ෂිත දුරක් පවත්වාගෙන යන්නේ ද යන්න නොසලකා හයදෙනා එකට පැය හතරක් ශබ්ද නගා කතා කළහොත් වාතාශ්‍රයක් නොමැති කාමරයක මුහුණු ආවරණ පැළඳ නොගෙන, ආසාදනය නොවූ පස් දෙනා ද ආසාදිතයන් බවට පත්වන බව තහවුරු වී තිබේ.
ඔවුන් සියලු දෙනා ම මුහුණු ආවරණ පැළඳ සිටීනම් හතර දෙනකු ආසාදනය වීමේ අවදානමක් තිබේ. මේ ආකාරයට නිරාවරණය වීම මුහුණු ආවරණ පමණක් ආසාදනය වීම වළක්වන්නේ නැත.
එසේ වුව ද කණ්ඩායම මුහුණු ආවරණ භාවිතා කරන විට, ඔවුන් එක්ව සිටින කාලය අඩකින් අඩුකරන විට සහ භාවිතා කරන අවකාශයට වාතාශ්‍රය ලැබෙන විට ආසාදන අවදානම එක් පුද්ගලයකුට වඩා පහත වැටේ
කොරෝනා වයිරසය වාතය හරහා විහිදේ, විශේෂයෙන් ගෘහස්ථ අවකාශයක් තුළ එය වෙනත් වයිරස මෙන් බෝනොවන නමුත් විද්‍යාඥයන් පවසන්නේ පිරිසක් රැස්ව සිටින ස්ථානයක දී වායුගෝලයට එකතුවන ආසාදිතයාගේ බිඳිති මගින් රෝගය සම්ප්‍රේෂණය වන බවයි.
ආසාදති පුද්ගලයකු විසින් පිට කරන ලද කුඩා බෝවන අංශු ගෘහස්ථ පරිසරයක වාතයට එක්වී ඇත. සම්ප්‍රෙෂණය ක්‍රියා කරන්නේ කෙසේ ද ? වැදගත්ම දෙය නම් එය අපිට නැවැත්විය හැක්කේ කෙසේ ද යන්නයි.
බිඳිති – මයික්‍රොමීටර 100ට වඩා අඩු ශ්වසන ජල බිඳිති වන අතර ඒවා පැය ගණනක් වාතයේ තිබිය හැකිය.
පොඩිති – මේවා මයික්‍රොමීටර 300කට වඩා විශාල අංශු වන අතර වායු ධාරාවන් හේතුවෙන් තත්ත්පර කිහිපයකින් බිමට පතිත වේ.
වර්තමානයේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් කොරෝනා වයිරස් සම්ප්‍රේෂණය කරන වාහක තුනක් හඳුනාගෙන තිබේ. කතා කිරීමෙන් හෝ කැස්සෙන් ඇතිවන කුඩා ජල බිඳිති, අසළ සිටගෙන සිටින අයගේ ඇස්, මුඛය හෝ නාසයෙන් පිටවන ශ්‍රාවයන් මෙන්ම බිඳිති හා පොඩිති, රෝගියා විසින් ස්පර්ශ කරනු ලබන හෝ ඔහුගේ බිඳිති පතිත වීමෙන් දූෂිත වන පෘෂ්ඨ එම තුන් ආකාරයයි.
රෝග පාලන හා නිවාරණ සඳහා එක්සත් ජනපද මධ්‍යස්ථානය මෙම වයිරසය ශරීරගත වීමට හැකි ආකාර එම තුන් ආකාරය බව පෙන්වයි.
හුස්ම ගැනීම, කතා කිරීම සහ කෑ ගැසීම
වසංගතය ආරම්භයේ දී කැස්ස හෝ කිවිසුම් යන විට අප පිට කරන විශාල ජල බිඳිති සම්ප්‍රේෂණයේ ප්‍රධාන සාධකය බව විශ්වාස කෙරිණි. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ ගෘහස්ථ දුර්වල වාතාශ්‍රය ඇති ස්ථාවනව කෑ ගැසීම සහ උස් හඩින් කතා කිරීම ද කොරෝනා බෝවන අවදානම වැඩි කරන බව දැන් තහවුරු වී ඇත. කෙනෙකු හඬ නගා කතා කරන්නේ මුඛ ආවරණයක් පැළඳීමෙන් තොරව නම් ඔහුගේ බිඳිති මීටර 05ක් දුරට විසිරෙන බව විද්‍යාඥයන් සනාථ කර ඇත.
සාමාන්‍යයෙන් කතා කරමින් සිටින පිරිසක් අතර රෝගය පැතිරීමට වඩා හඬනගා කතා කිරීමේ දී රෝගය පැතිරීම 50ගුණයකින් වැඩි වෙයි. එයට
මෙම වායුගෝල වාතාශ්‍රය හරහා විසිරී නොයන්නේ නම් වැඩි වැඩියෙන් සාන්ද්‍රණය වී ආසාදනය වීමේ අවදානම වැඩි කරයි. හුදෙක් හුස්ම ගැනීමේ දී අප වායුගෝලයට මුදාහරින සහ නුසුදුසු ලෙස පැළඳ සිටින මුහුණු ආවරණ වලින් ගැලවිය හැකි මෙම අංශු ආසාදිත පුද්ගලයකුගේ මීටර පහක අරය තුළ මිනින්තුත කිහිපයකට වඩා ගත කරන පුද්ගලයින්ට ආසාදනය විය හැකි බව විද්‍යාඥයන් පෙන්වාදී ඇත. ඔවුන් එකට ගත කරන කාලය සහ අන්තර්ක්‍රියාකාරීත්වයේ ස්වභාවය මෙය ස්ථානුරූපව වෙනස් කරයි.
කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ හඬ නගා කතර කරන ස්ථානයක ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැතිනම් පුද්ගලයන් අතර අවම වශයෙන් අඩි හයක් හෝ ඊට වැඩි පරතරයක් තබාගත යුතු බවයි.
අවන්හලක දී හෝ කාර්යාලයක් තුළ දී
මෙම අවන්හළෙහි ධාරිතාව 50%ක් දක්වා අඩුකර ඇත. ගනුදෙනුකරුවන් 15 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනකු සිටියි. කවුළු වසා ඇති අතර යාන්ත්‍රික වාතාශ්‍රයක් ද නැත.
ඇතුළත සිටිනන් මුඛ ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය නොකරන්නේ නම් ඇතුළට පැමිණි පුද්ගලයන්ගෙන් 14 දෙනකු පැය හතරකට පසු ආසාදනය වනු ඇත.
එහෙත් මුහුණු ආවරණ පැළඳ සිටීනම් ආසාදනය වීමේ අවදානම අලුත් පුද්ගලයන් 08 දෙනෙක් පමණි.
පරිශ්‍රයට පිටතින් වාතය පැමිණෙන්නේ නම් හෝ අවන්හළ තුළ ගතකරන කාලය කෙටි කළහොත් එක් පුද්ගලයකුට පමණක් ආසාදනය විමේ අවදානමක් පවතී.
පාසල් සහ පන්තිකාමර
ළමුන් 24ක් සමග පවත්වන පන්තියක් සළකා බලමු.
අවදානම් සහගත අවස්ථාව වන්නේ වාතාශ්‍රය නොමැති පන්තියකි. මෙහිදී ගුරුවරයා රෝගියා ලෙස සළකමු.
ආසාදිත ගුරුවරයකු සමඟ පන්ති කාමරයේ පැය දෙකක් ගත කරන්නේ නම් කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් නොගෙන නම් සිසුන් 12ක් දක්වා ආසාදනය වෙයි.
සෑම අයකු ම මුහුණු ආවරණ පැළඳ සිටීනම් ආසාදිත විය හැකි සංඛ්‍යාව 05 දක්වා පහත වැටේ. කොරෝනා පැතිරීමේ දි මේ සිසුන් අතර ගුරුවරයාට ඇති සමීප බව නොතකා ආසාදනය විය හැකි බව තහවුරු වී ඇත.
පන්තිකාමරයේ නැවුම් වාතය පැමිණෙන්නේනම් හෝ යාන්ත්‍රිකව හෝ වාතය මුළුමනින්ම නැවුම් කරන්නේ නම් පන්තිය පවවත්වන්නේ පැයක පමණ කාලයක් නම් සිසුවකු ආසාදනය වීම ඉතා අවම අවදානමක පවතී.
“අවදානම් සහිත” අවස්ථාවන්හිදී මිනිසුන් අතර සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව ගණනය කිරීම සඳහා, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හොසේ ලුයිස් ජමිනෙස්ගේ නායකත්වයෙන් යුතු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සකස් කරන ලද කොරෝනා වාතයේ සම්ප්‍රේෂණය වීමේ පර්යේෂණ දත්ත භාවිතා කර ඇත. මෙමගින් සම්ප්‍රේෂණයට බාධා වන ක්‍රියාමාර්ගවල වැදගත්කම ඉස්මතු කිරීම අරමුණු කර ගෙන ඇත. ගණනය කිරීම සම්පූර් නොවන අතර සම්ප්‍රේෂණයට බලපෑම් කළ හැකි සියලු විචල්‍යයන් ආවරණය නොකරයි, නමුත් එය අපට පාලනය කළ හැකි වෙනස්වන තත්වයන් මගින් බෝවන අවදානම අඩු කර ගත හැකි ආකාරය නිරූපණය කිරීමට උපකාරී වේ.
මේ සියලු කරුණු සමාලෝචනය කිරීමේ දී පෙනීයන්නේ ආරක්ෂිත දුර පවත්වාගෙන යන අතර බොහෝ දෙනකු බිඳිති හරහා කොරෝනා සම්ප්‍රේෂණය විමේ අවදානම ඉවත්කරන්නා බවයි. නමුත් සෞඛ්‍ය ආරක්ෂිත සියලු පිළිවෙත් සෑම අවස්ථාවක දී ම ක්‍රියාත්මක නොකළහොත් ඔබ කොරෝනා ගොදුරක් වීමට නිරන්තරව ම ඉඩ ඇති බව මේ පර්යේෂණ පෙන්වා දෙයි.
ඒ නිසා හොඳින් වාතාශ්‍රය ලැබෙන විවෘත ස්ථානවල පමණක් රැඳී සිටීම සංවෘත වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථානවලට නොයාම, හමුවීම් ඉතාමත් කෙටි හමු බවට පත්කිරිම, සහභාගීවන්නන් සංඛ්‍යාව අවම කිරීම, නිතරම මුහුණු ආවරණ පැළඳීම, පුද්ගලයන් අතර අවම වශයෙන් මීටර දෙකක පමණ දුරක් පවත්වාගෙන යාම. උස් හඬින් කතා කරන, ගීත ගයන හෝ කෑ ගසන අය අසළට නොයාම හා ඔවුන් සමඟ රැඳී නොසිටීම මෙහි දී ඉතාමත් වැදගත් වේ.
හොඳින් වාතාශ්‍රය ලැබෙන්නේ නම් පුද්ගලයන් සෞඛ්‍ය අංශවල නිර්දේශිත ප්‍රමාණයට වඩා සමීපව සිටිය ද ආසාදනය වීමේ අවධානම අඩු කරගත හැකිය.
මෙම පර්යේෂණය සඳහා කරන ලද විශ්ලේෂණයේ දී යොදගත් ඉතාමත් වැදගත් සංසිද්ධියක් වූයේ එක්සත් ජනපදයේ වොෂිංටන්හි මාර්තු මාසයේ පැවැති ගායනා පෙරහුරුවකි. මෙයට 61 දෙනකු සහභාගී වී ඇත. ආරක්ෂිත දුරක් හා අනිකුත් සනීපාරක්ෂිත ක්‍රියාවන් අනුගමනය කිරීමට කටයුතු කර ඇත.
නමුත් ඔවුන් මුඛ ආවරණ පැළඳ නැත. ගායනා පුහුණුවූ අතර එකම වාතාශ්‍රයක පැය දෙකහමාරක් රැඳී සිට තිබේ. ප්‍රතිඵලය වී ඇත්තේ 53 දෙනකු ආසාදනය වී තිබීමයි. ආසාදිතයන් ඇතැමුන් මීටර 14ක් තරම් විශාල දුරකින් සිටි බැවින් පැහැදිලි වන්නේ වාතයේ මේ බිඳිති ගමන් කරන බව නොවේ ද ? මේ ගායන පෙරහුරුවට සහභාගී වූ අයගෙන් කොරෝනා ආසාදනය වූ දෙදෙනෙක් පසුව මියගියහ.
මෙය අධ්‍යයනය කළ විද්‍යාඥයන් පවසන්නේ පිටතින් වාතාශ්‍රය ලැබීමට සළස්වා තිබුණේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවයි. මුඛ ආවරණ පැළඳ සිටියේ නම් අවදානම අඩකින් අඩුවන බවත්, වැඩි වාතාශ්‍රයක් සහිත ස්ථානයක කෙටි කාලයක් මේ පෙරහුරුව පවත්වා තිබුණේ නම් ආසාදනය වීමට ඉඩ තිබුණේ පුද්ගලයන් දෙදෙනකු පමණක් බව ද ඔවුහු කියති.
මේ අනුව අප තේරුම්ගත යුත්තේ කොරෝනා පැතිරීම වැළැක්වීමටනම් හොඳ වාතාශ්‍රයක් සහිත ස්ථාන හැර සංවෘත ස්ථාන භාවිතයෙන් හැකිතාක් ඈත් වී සිටිය යුතු බවයි.
හෙට දිනයේ නිරෝධායනය ඇඳිරිනීතිය ඉවත් වීම හේතුවෙන් රජයේ කාර්යාල ඇතුළු රැකියා ස්ථාන විවෘත වෙයි. මේ ස්ථානවල දී ඔබේ ආරක්ෂාව තහවුරු කරගත යුතු බැවින් මෙන්ම තවත් සතියකින් පමණ පාසල් විවෘත වූ පසු ඔබේ දරුවාගේ ආරක්ෂාව තහවුරු කරගත යුතු බැවින් rata.lk මෙම ලිපිය සිංහලයට පරිවර්ථනය කර පලකරයි. එය සෘජු පරිවර්ථනයක් නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය කරුණු පමණක් සඳහන් කර ඇත.
මුල් ලිපිය මෙතැනින්.