නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් හෙට (09) සිට උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇතත් දුම්රිය ස්ථාන 21ක කිසිදු දුම්රියක් නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුම්රිය අධිකාරී (ගමනාගමන) රංජිත් පත්මලාල් පවසන්නේ ඇඳිරිනීතිය ඉවත්කළ ද හුදකලා කර ඇති පොලිස් බලප්‍රදේශයන්හි පිහිටා ඇති දුම්රිය ස්ථානවල මෙලෙස දුම්රිය නොනවත්වන බවයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන 08ක දුම්රිය නවත්වන්නේ නැත.
ඒවා නම්,
1. දෙමටගොඩ උප දුම්රිය ස්ථානය
2. කැලණිය දුම්රිය ස්ථාන
3. වනවාසල උප දුම්රිය ස්ථානය
4. එඬේරමුල්ල උප දුම්රිය ස්ථානය
5. හොරපේ උප දුම්රිය ස්ථානය
6. රාගම දුම්රිය ස්ථානය
7. වල්පොල උප දුම්රිය ස්ථානය
8. බටුවත්ත උප දුම්රිය ස්ථානය
පුත්තලම මාර්ගය මාර්ගයේ ද පහත සඳහන් දුම්රිය ස්ථාන 07 හි දුම්රිය කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත.
1. පේරලන්ද උප දුම්රිය ස්ථානය
2. ජාඇල දුම්රිය ස්ථානය
3. තුඩැල්ල උප දුම්රිය ස්ථානය
4. කඩහකපොළ උප දුම්රිය ස්ථානය
5. කුරණ දුම්රිය ස්ථාන
6. මිගමුව දුම්රිය ස්ථානය
7. කට්ටුව උප දුම්රිය ස්ථානය
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන 02කි
1. පානදුර දුම්රිය ස්ථානය
2. පින්වත්ත දුම්රිය ස්ථානය
කැලණිවැලි මාර්ගයේ ද දුම්රිය ස්ථාන 02ක දුම්රිය නවත්වන්නේ නැත.
1. බේස්ලයින් දුම්රිය ස්ථානය
2. කොටාරෝඩ් දුම්රිය ස්ථානය
උතුරු මාර්ගයේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන 02ක
1. කුරුණෑගල දුම්රිය ස්ථානය
2. මුත්තෙට්ටුගල උප දුම්රිය ස්ථානය
සියලුම දුම්රිය මගීන් සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇති සෞඛය නීති රීති පිළිපැදිය යුතු බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.