-1.6 C
New York

ක්‍රිකට් ක්‍රීඩාව ඝාතනයකින් කෙළවර වෙයි

Published:

ක්‍රිකට් තරඟයක් අතරතුර ඊයේ (30) ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන්  අද (01) උදෑසන පුද්ගලයකුට යකඩ පොළුවලින් පහර දී කපා කොටා ඝාතනය කර ඇතැයි නොරොච්චෝලේ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නොරොච්චෝලේ, දළුව නිර්මලපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන නිලාන් ප්‍රියංකර නමැති 30 හැවිරිදි අයෙකි. ඔහු වගාබිම්වල දෛනික කුලී පදනම මත සේවය කරන කම්කරුවකු බව ද පොලිසිය කරයි.

දළුව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටිය දී ඊයේ සවස ඔහු සහ තවත් අයකු අතර බහින්බස්වීමක් ඇති වූ බවත්, ඉන් පසු එම ගැටුම ඇතිකරගත් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ පුතකු එක්ව ඝාතනයට ලක්වූ තැනැත්තාට යකඩ බටවලින් සහ ලී මුඟුරුවලින් පහර දී පසුව තියුණු ආයුධයකින් කපා දමා ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු මීට පෙර ද පුද්ගලයන් කිහිප දෙනකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට මෑතක දී නැවත පැමිණ ඇති ව ද පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු සහ ඔහුගේ පුත්‍රාය ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොරොච්චෝලේ පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත.

Related articles

Recent articles

spot_img