spot_img
spot_imgspot_img

ගවයන් දෙදෙනකු, යුද සෙබළාට සහ තරුණයකුට මරු කැදවයි

පුවත්

විදෙස්

හොරොව්පතාන, වව්නියාව මාර්ගයේ, කිව්ලපතාන ප්‍රෙද්ශයේ දී මෝටර් රථයක් ගවයන් දෙදෙනකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අලුත්වත්ත, මරදන්කඩවල පදිංචි  09 වන ගැමුණු හේවා බළකාය 582 බලසේනා මූලස්ථානය බගවත්ත හොරණ යුද හමුදා කඳවුරේ සේවය කළ 23 හැවිරිදි සෙබළෙකු හා නිකවැව හොරොව්පොතාන ලිපිනයේ පදිංචි සඳරු ප්‍රභාෂණ නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

අනතුර පත් වූ රථයේ තිදෙනකු ගමන්කරමින් සිට ඇති අතර හමුදා සාමාජිකයට එම ස්ථානයේ දී ම මියගොස් සිටි බවත්, 19 හැවිරිදි තරුණයා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ඊයේ (30) රාත්‍රී 9.50ට පමණ මෝටර් රථය ගවයින් දෙදෙනෙකුගේ ගැටී පසුව බෝක්කුවක ද හැපී මාර්ගයෙන් ඉවතට පෙරැළී ගොස් තිබිණි.

මෝටර් රථයේ රියදුරා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!