5.2 C
New York

පාසල් සිසුවියක අනතුරට ලක්කර, පළාගිය යතුරුපැදිකරු සොයයි

Published:

ගාල්ල නගරයේ සමුද්‍ර මාවතේ දී ඊයේ (30) දහවල් 11.35ට පමණ පාසල් ශිෂ්‍යාවක අනතුරට ලක්කරමින් පළාගිය යතුරුපැදි කරුවකු අත්අඩංගුවට ගැනිමට සොයන බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

සමුද්‍ර මාවතේ දී පාර මාරුවීමට ඇඳ ඇති සුදු ඉරක් මතින් ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාවක අනතුරට ලක්කර මෙම යතුරුපැදි කරුවා නොනවත්වා ගොස් ඇති අතර ඔහු පසුපස හඹා ගිය අවට සිටි පිරිසක් ඔහු අල්ලා ගැනීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වී තිබේ. නමුත් ඔහුගේ ඡායාරූපගත් පුද්ගලයන් ඒ ඡායාරූප සමාජ මාධ්‍යෙවත නිකුත් කර ඇත.

ගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක අනතුරින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related articles

Recent articles

spot_img