-2.5 C
New York

මල්ලීගේ පිහි පහරින් අයියා මරුට

Published:

ඉඩම් ආරවුලක් හේතුවෙන් මල්ලී එල්ල කළ පිහි පහරින් අයියා මියගොස් ඇතැයි වැල්ලවාය පොලිිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය, තුනේ කණුව, කෝනගහරැප්ප පදිංචි සුමේධ සම්පත් වීරරත්න (32) නමැති තිදරු පියෙකි.

පොලිසිය පවසන්නේ අයියාත් මල්ලීත් අතර කාලයක සිට ඔවුන්ගේ පවුලේ උරුමයක් වූ ඉඩමකට ආරවුලක් පැවති බවයි. මල්ලී විසින් එම ආරවුල ඇති ඉඩමේ පවත්වාගෙන යන කඩයක් අසළට ඊයේ රාත්‍රී (29) අයියා පැමිණ ඇති බවත්, ඒ අවස්ථාවේ දී ඇති වූ ආරවුලක දී ලූනු කපමින් සිටි පිහියෙන් අයියාට පහර දී ඇති බවත් පොලිසිය කියයි.

බරපතල තුවාල සහිතව වැල්ලවාය රෝහලට ඇතුළත් කළ අයියා මොණරාගල රෝහලට යවා ඇති අතර එහි දී මියගොස් ඇත.

Related articles

Recent articles

spot_img