5.2 C
New York

ශ්‍රී ලාංකික සමභවයක් සහිත වෛද්‍යවරයකුට ඇමෙරිකාවේ දී සිර දඬුවම්

Published:

ඇමෙරිකානු රජයට මුදල් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකුට වසර 04ක සිර දඬුවම් නියම කිරීමට ඇමෙරිකාවේ බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය කටයුතු කර තිබේ.

මෙම වෛද්‍යවරයා ඇමෙරිකාවේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සෞඛ්‍ය සේවා සැපයීමේ දී ඇමෙරිකානු ඩොලර් 840,000ක මුදලක් රජයට වංචා කර ඇතැයි ඔහුට චෝදනා එල්ල කර තිබිණි.

මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ ආනන්තකුමාර් තිලෛනාතන් නමැති වෛද්‍යවරයකුටය. මෙඩිකෙයාර් නමින් ආයතනයක් පවත්වාගෙන ගිය ඔහු එහි හිමිකරුවා මෙන්ම සභාපතිවරයා ද වෙයි. ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන්ට, එහි සේවය කරන කාර්ය මණ්ඩලයට, මනෝ චිකිත්සක සේවා ලබා නොදෙන බව දැන දැනත් රෝගීන්ට මනෝ චිකිත්සක සේවා ලබා දීම වෙනුවෙන් යැයි පවසමින් රාජ්‍ය මෙඩිකේඩ් සෞඛ්‍ය රක්ෂණාවරණයෙන් ඇමෙරිකානු ඩොලර් 840,000ක් අයකරගෙන ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකර තිබිණි.

අධිකරණය නියම කර ඇත්තේ වසර 04ක සිර දඬුවම අවසන් වීමෙන් පසු ඔහු පරිවාස නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ තවත් වසර 03ක් කටයුතු කිරීමට අවශ්‍ය බවයි.

.එමෙන් ම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් ආපසු ගෙවීමට නියෝග කර ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් දින 60 ක් ඇතුලත ගෙවීමට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය නියෝග කර ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

Related articles

Recent articles

spot_img