spot_img
spot_imgspot_img

Galle Literary Festival යළි ආරම්භ කිරීමේ සූදානමක්

පුවත්

විදෙස්

Galle Literary Festival යළි ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. වාර්ෂිකව පැවැති මෙ ගාලු සාහිත්‍ය උළෙල වසර කිහිපයක සිට නැවතී තිබිණි.

ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබිණි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමු‍ණින් පැවැත්වෙන Galle Literary Festival ජාත්‍යන්තර අවදානයට ලක්වන සාහිත්‍ය උථ්සවයකි. එම උත්සවයට සමගාමී ව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, කොග්ගල, හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍රගත කරමින් පැවැත්වීමටත් ඊයේ සාකච්ඡාවේ දී එකඟ වී තිබේ.

Galle Literary Festival 2024 ජනවාරි මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇත.

නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරෙන අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ අබිමානය ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සියලු කටයුතු සංවිධානය කිරීමට යෝජනා කර තිබේ.

සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!