spot_img
spot_imgspot_img

තමන් ගැබිනියක් යැයි කියමින් දොස්තර පොලිසි ගියේ මේ නිසා ද ?

පුවත්

විදෙස්

කරාපිටිය වෙද්‍ය ගැටුමේ ආසන්නතම සිද්ධියට අදාල රෝගියා අසාද්‍ය තත්වයෙන් නැවත රෝහල් ගතකර ඇති අතර ඔහු අද දින රෝහල තුල දී යළි හදිසි සැත්කමකටද භාජනය කර ඇත.

මෙලෙස රෝහල් ගතකරනු ලැබූ රෝගියා කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය වෙද්‍ය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහුගේ උදරය හා ඒ ආශ්‍රිතව ඇතිවු පිළිකා රෝගී තත්වයට ප්‍රතිකාර ලබාදීමේදි ආහාර නොගන්නා ලෙසත් අවශ්‍ය ආහාර සේලයින් මාර්ගයෙන් ලබාදීමටත් විශේෂඥ වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා මහතා උපදෙස් ලබා දි ඇත.

ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා අදාලා හෙදියන්ට ද පවසා නික්ම ගොස් තිබේ. නමුත් ඉන් පසුත් රෝගි තත්වය උත්සන්න වීම හේතුවෙන් තොරතුරු සොයා බැලිමේදි අනාවරණය වූයේ පසුගිය දා විශේෂඥ වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා මහතා තමන්ට පහරදුන් බව කියන වෛද්‍ය දිලූෂානි සේනානායක මහත්මිය මෙම රෝගියාට ආහාර ගැනීමට උපදෙස් දී ඇති බවයි.

මෙය දැනගත් වහාම ක්‍රිසාන්ත පෙරෙරා මහතා වෛද්‍යවරියට දොස් කියා හෙදියන්ට ද යළි උපදෙස් දී නැවත කිසිදු ඝන ආහාරයක් හෝ පානයක් නොගන්නා ලෙස රොගියාට උපදෙස් දී ඇත. ඉන්පසු යලි විශේෂඥ වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා මහතා වාට්ටුවට පැමිණෙන විට මේ රෝගියා කිරි වීදුරුවක් පානය කරමින් සිට ඇත.

තමුන්ට ආහාර කිසිවක් නොගන්නා ලෙස උපදෙස් දී තිබිය දී මෙසේ කරන්නේ ඇයි දැයි විමසූ විට රෝගියා විසින් අන්න අර දොස්තර නෝනා මට ආහාර ගත්තාට කමක් නෑ කියා කීවා යැයි කයිමින් වෛද්‍යවරියක් පෙන්වා තිබේ. තමන්ට ක්‍රිසාන්ත පෙරේරා මහතා පහරදුන් බව කියන වෛද්‍යවරිය ඔහු විසින් පෙන්වාදී තිබේ.

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ඒ මොහොතේදී වහාම දිලූෂානි සේනානායක මහත්මිය හමුවට ගොස් ඇය කළ වරද පිළිබඳ ප්‍රශ්න කර දොස් නගා තිබෙන්නේ ලෙඩ්ඩුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකරන ලෙසද පවසමිනි.

තමන් දුන් උපදෙස් වෙනස් නොකරන්න යැයි වෛද්‍යවරයා හෙදියන්ට කිා ඇත. මෙය සිදුව ඇත්තේ ඔක්තෝබර් 18දායි.

මේ සිදුවීමෙන් රෝගියාගේ ජීවිතය පවා අහිමිවිය හැකිබව දන්නා වෛද්‍යවරිය තමන් කළ වරදේ බරපතලකම ගැන බියට පත්ව විශේෂඥ වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා මහතා තමන්ට පහරදුන් බවට බොරු චෝදනාවක් කරමින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ 21දාය.

ඒ පැමිණිල්ලට ආසන්නම හේතුව අදාල රෝගියාට වැරදි උපදෙස් දෙමින් රෝගියාගේ ජීවිතය අනතුරට දැමීමයි. අද නැවත වතාවක් රෝගියා කරාපිටිය රෝහලට පැමිණ තිබේ. ඔහුගේ උදරයේ බඩවැල් දැඩි සේ විනාශ වී ඇත. එසේ සිදුව ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස්වලට පිටින් යමින් දිලූෂානි සේනානායක වෛද්‍යවරිය විසින් වැරදි උපදෙස් දීම නිසා රෝගියා ආහාර ගෙන තිබීම නිසාය. මේ රෝගියාගේ ජීවිතයට කණිෂ්ට වෛද්‍යවරියක්වන දිලූෂානි සේනානායක වගකියනවා ද ?

වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා දැන් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට දැවැන්ත උත්සාහයක් ගනිමින් සිටියි. ඇය විශේෂඥ වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරාට බොරු චෝදනා කරමින් තමන් කර වරදින් ගැලවීමට උත්සාහ කරමින් සිටියි.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්ද‌ේ “ගාල්ල කරාපිටියේ Dr Krishantha Perera රැකගැනීමේ සoසදය !” නමැති Facebook සමූහයකිනි. මෙහි අඩංගු කරුණුවල සත්‍යතාව අපි කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සනාථ කරගත්තෙමු. එබැවින් මේ ලිපිය පළකරමි. මේ ලිපිය පළකර ඇත්තේ නොවැම්බර් මස 07 වැනි දින දී ය. එහි අද යනුවෙන් සටහන්වන දිනය නොවැම්බර් 07 බව සිහිතබාගන්න. අයිතිය පළමු කතුවරයා සතුය.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!