9.2 C
New York

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අහිමිකරන්න අල්ලස් ගත්තේ කවුදැයි සොයන්න විශේෂ කමිටුවක්

Published:

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු වන්දිය අහිමිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත්තා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

මෙවැනි අල්ලස් මුදලක් කිසියම් පුද්ගලයකු විසින් ලබාගෙන ඇතැයි හෙළිදරව් කරන ලද්දේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනි. ඔහු පවසන්නේ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර විමර්ශනය කිරීමෙන් බොහෝ කරුණ අනාවරණය කරගත හැකිවනු ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත්කර පරීක්ෂණයක් පවත්වන්න යැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර එම අල්ලස් ගත්තැයි සඳහන් පුද්ගලයා පිළිබඳවත්  ඔහුගේ ලිපිනය ගිණුම් අංකය ඇතුළු තොරතුරු පිළිබඳවත්  අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය 25 වැනිදා  තොරතුරු අනාවරණය කළේය.

Related articles

Recent articles

spot_img