0.5 C
New York

බිත්තරයේ උපරිම සිල්ලර මිල ඉවතට ?

Published:

බිත්තර අළෙවි කිරීම සඳහා මෙතෙක් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත්කිරීම ‍කෙරෙහි රජයේ අවදානය යොමු වී ඇත.

බිත්තර නිෂ්පාදකයන්, කුකුළු ගොවිපො හිමියන්, ජනාධිපති ලේකම්, කෘෂිකර්ම සහ වෙළෙඳ අමාත්‍යාංශවල ලේකම්වරු සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මේ පිළිබඳ අවදානය යොමු වූ බව පැවසේ.

බිත්තර නිෂ්පාදකයන් පවසා ඇත්තේ උපරිම සිල්ලර මිල ඉවත් කරන්නේ නම් වෙළෙඳ පොළ තුළ ඇති බිත්තර හිඟය දින 15ක් ඇතුළත නැතිකළ හැකි බවයි.

එම රැස්වීමේ දී පැවැති එකඟතාව අනුව උපරිම සිල්ලර මිල ඉවත්කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට ද අවදානය යොමුව තිබේ.

Related articles

Recent articles

spot_img