-2.5 C
New York

IMF එකඟතා පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති එකඟතා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 95කින් සම්මත විය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා සිටි අතර එහි දී එකඟ වූ කරුණු පිළිිබඳ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සිදුකෙරිණි.

මේ සම්බන්ධ පාර්ලිලමේන්තු ඡන්ද විමසීම පැවති අවස්ථාවේ එම එකඟතාවලට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 25ක් පමණි ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදළ සමඟ ශ්‍රී ලංකා රජය එළැඹ ඇති එකඟතා වැඩි ඡන්ද 95කින් සම්මත විය.

ජාතික ජන බලවේගය, ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස් ජනතා සභාව, විමල් වීරවංශ ප්‍රමුඛ උත්තර ලංකා සභාගය මෙම යෝජනාවලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

පොදුජන පෙරමුණෙ යටතේ මැතිවරණයට තරඟ කර දැන් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ අසුන්ගෙන සිටින අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්හ. සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය දා නැවත පාර්ලිමේන්තුවට පත් වූ ඒ. එච්. එම්. ෆවුසි පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පාඨලී චම්පික රණවක ද යෝජනාවට ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්දය විමස අවස්ථාවේ පාර්ලමේන්තුවේ සිටියේ නැත.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවාදය ආරම්භ වුයේ පසුගිය 26 වනදාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට සහාය පළ කරන මන්ත්‍රිවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුනි.

Related articles

Recent articles

spot_img