-3.4 C
New York

හදිසි මරණ පරීක්ෂකවරිය මැර ප්‍රහාරයකින් රෝහලේ

Published:

කොළඹ ජාතික රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීරට අද (28) උදෑසන එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බව මරදාන පොලිසිය පවසයි.

හදිසි මරණ පරීක්ෂකවරිය උදෑසන රාජකාරී සඳහා පැමිණ කාර්යාලයේ දොර විවෘතකරන අවස්ථාවේ ඒ ආසන්නයේ සැඟවී සිටි පුද්ගලයකු ඇයට අමානුෂික ලෙස පහර දී පළා ගොස් ඇතැයි වාර්තාවේ.

මෙම පහරදීම හේතුවෙන් ඇය රෝහල්ගතව සිටින අතර මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුුතු සිදුකරයි.

Related articles

Recent articles

spot_img