0.5 C
New York

IMF යෝජනාවලට ජාතික ජන බලවේගය එරෙහිවන බව අනුර කියයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට ජාතික ජන බලවේගය විරුද්ධ බවත්, නිශ්චිතව ම ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කරන බවත් එහි නායක අනුර කුමාර දිසානායක අද (28) පාර්ලිමේන්තුවේ දී කීවේය.

මෙය කිසියම් කුමන්ත්‍රණයක් බවට හැ‍ඟෙන්නේ යැයි ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මහබැංකුවේ අධිපතිවරයා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ණය නොගෙවීමට ගත් තීරණනය සහ මූළ්‍ය අරමුදලේ ක්‍රියාවලිය අතර සම්බන්ධයක් තිබෙන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන්නේ උමතුවෙන් මෙන් බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තර්ජනය කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. එමෙන් ම ආණ්ඩුවේ බදු නිසා බොහේ වෘත්තිකයන්ගේ වැටුප සෘණ අගයකට පත්ව ඇතැයි ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related articles

Recent articles

spot_img