ගාල්ලේ නිරෝධායය වෙමින් සිටි පවුලක නිරෝධායනය අවසන් කළාට පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පවුලේ සියලු දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08) තහවුරු වී ඇත.
මෙම පවුල ගාල්ල නගාරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මකුළුව ප්‍රදේශයේ පදිංචිව සිටි බව සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල ධීවර වරායේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් හඳුනාගත් කොරෝනා රෝගියකු හේතුවෙන් ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි. එම පුද්ගලයා මාළු ප්‍රවාහනය කරන ලොරියක රියදුරෙකි.
ස්වයං නිරෝධායනයට යොමුකර සිටි පවුලේ සාමාජිකයන්ගේ නිරෝධායන දින 14 අවසන් වූ පසු 15 වැනි දිනයේ දී ඔවුන් සඳහා පීසිආර් පරීක්ෂණයක් සිදුකර ඇත. මෙයින් තහවුරු වූයේ මව සහ දරුවන් හතරදෙනාම කොරෝනා රෝගීන් බවට පත්ව ඇති බවයි.
නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබුණ ද ඔවුන් අසල්වැසි ඥාති නිවෙස් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් පිටස්තර පිරිසක් නිවසේ රැඳී සිට ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. එලෙස සබඳතා පැවැත්වූ තවත් 06 දෙනෙකුට ද පීසීආර් පරීක්ෂණ ඊයේ (08) පවත්වා ඇත.
මෙම පවුලේ සියලු සාමාජිකයන් දින 14කට පසු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමත්, ඔවුන් වෙනත් පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා තිබීමත් හේතුවෙන් ගාල්ලේ මකුළුව ගම්මානයේ පදිංචිකරුවන්ට පීසීආර් පරීක්සණ සිදුකිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.