spot_img
spot_imgspot_img

HNB හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවට පත්වෙයි

පුවත්

විදෙස්

(Advertorial)

ශ්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ ආසියානු බැංකු අතරින්, හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක්ව තිබේ.

ලෝකයේ ප්‍රමුඛත ම ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවක් වන ඒෂියාමනී සඟරාව විසින් 2023 වර්ෂය සඳහා මෙම ඇගයීම සිදුකර තිබේ. 2023 යුරෝමනී සම්මාන උළෙලේ දී ද හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මානයට ලක්විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වෙළෙඳ අංශ ප‍්‍රධානී රොසෑන් ඞී අල්මේදා කියා සිටියේ ශ්‍රී ලංකාවව දැඩි අභියෝගාත්මක ආර්ථික අර්බුදයකට ලක්ව සිටින අවස්ථාවක දී Euromoney සහ Asiamoney වෙතින් අඛණ්ඩව ලැබූ මෙම ඇගයීම් තුළින් ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපල ක්ෂේත‍්‍රය වෙනසකට ලක් කරන තම ආයතනයේ ජාත්‍යන්තර වෙළඳ සේවා කණ්ඩායම්වල කැපවීම තවදුරටත් සහතික කිරීමට ඉවහල් වන බවයි.

”අපි අඛණ්ඩව ඉදිරියටත් උසස් තත්වයේ වෙළෙඳ මූල්‍ය සේවාවන් සැපයීමට කැපවීමෙන් කටයුතු කරන අතර ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධන කිරීමේ අවස්ථාවන්වලට පහසුකම් සලසනවා.” යනුවෙන් ද ඇය කීවාය.

Euromoney සහ Asiamoney සඟරා වෙතින් හැටන් නැෂනල් බැංකුව වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා සම්මාන දිනා ගත් හතරවැනි අවස්ථාව මෙයයි. මෙම ඇගයීමත් සමඟින් ජාත්‍යන්තර වෙළඳ සේවාවන්හි ප‍්‍රමුඛ ස්ථානයක් හිමි කරගැනීමට සමත් වූ පළමු දේශීය බැංකුව බවට හැටන් නැෂනල් බැංකුව පත්විය.

”අපගේ වෙළෙඳ මූල්‍ය ව්‍යාපාරය තුළ අඛණ්ඩව නවෝත්පාදනයන් සහ සේවා විශිෂ්ටත්වය සහතික කිරීමට HNB සතු හැකියාව සඳහා යුරෝමනී හා ඒෂියාමනී සඟරා වෙතින් ලැබූ මෙම ඇගයීම් පිළිබඳව අපට ඉතා සතුටුයි. ශ‍්‍රී ලංකා ආර්ථිකය සෑම ආකාරයකින්ම පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අපගේ ජනතාව, තාක්ෂණය, ක‍්‍රියාවලි සහ දත්ත උපරිම ලෙස භාවිත කරමින් අපගේ බැංකු විසඳුම් සහ සේවාවන් අඛණ්ඩව ඉහළ නැංවීමට ශක්තිමත්ව හා දැඩි උනන්දුවකින් කටයුතු කිරීමට මෙම ඇගයීම් තවදුරටත් අපව දිරිමත් කරනවා.’’ යනුවෙන් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Wholesale Banking, දමිත් පල්ලෙවත්ත කීවේය.

1 COMMENT

Leave a Reply to Martin Waduge Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!