-3.4 C
New York

ත්‍රස්ත විරෝධී පනත, මානව හිමිකම් උල්ලංඝනය කරන බවට තීරණය කරයි

Published:

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එම සංගමය මේ බව කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කර තිබූ නීති විශාරද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගනිමිනි. මෙම විශේෂ කමිටුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පත්කරන ලද්දේ පසුගිය මාර්තු මස 22 වැනි දා ය.

එම වාර්තාව එළිදැක්වීම අද (26) සිදුකෙරිණි.

කමිටු වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ  ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් කෙටුම්පතෙන්   3, 4, 10, 11, 1‍3, 14, 15, 16, 28, 30, 31, 36, 82, 83, 84, 85 සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්ම උල්ලංඝනය කරන බවයි. එම වගන්ති මගින් කතා කිරීමේ නිදහස, රැස්වීම, සංගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසයි.

අදාළ කමිටුව විසින් නිරීක්ෂණය කර ඇති මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිත බවද එහි සඳහන්ව ඇත. එසේම මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගතයුතු නීතිමය පියවර අදාළ අවස්ථාවන්වලදී ගන්නා බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදෙයි.

Related articles

Recent articles

spot_img