spot_img
spot_imgspot_img

අජිත් රෝහණට, ජාතික පොලිස් කොමිසම වෙනත් මාරුවීමක් දෙයි. දකුණෙන් ඉවතට

පුවත්

විදෙස්

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි නීතිඥ අජිත් රෝහණ පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ඔහු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබුණ ද අජිත් රෝහණ එයට විරෝධය පළකරමින් එම මාරුවීම අනීතික, අහේතුක සහ ද්වේෂ සහගත තීරණයක් බවයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ද සිල්වා ඇතුළු කොමිසම ඒකමතිකව තීරණය කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මූලස්ථානය වෙත මාරු කළ යුතු බවයි.  එමෙන්ම ඔහුගේ ලිපියේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අද දිනයේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය ජාතික පොලිස් කොමිසම වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කළහ.  

සේවා අවශ්‍යථාව මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔවුන් දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙක් ඊයේ (25) සිට වහාම ක්‍රියාත්මක වන පිරිදි ස්ථානමාරු කර තිබිණි. ලලිත් පතිනායක , අජිත් රෝහණ , ප්‍රියන්ත වීරසූරිය , සජීව මැදවත්ත , ඩබ්ලිව් කේ ජයලත් ,  රන්මල් කොඩිතුවක්කු සහ  ඩබ්ලිව් කේ සිල්වා  මෙලෙස මාරුකර ඇත..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකරන ලද ලිපියේ දැක්වෙන්නේ පසුගිය අප්‍රේල් ම 18 වැනි දා සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා අමාත්‍යවරයා විසින් තරවටු කළ බවයි. ඒ තමන් විසින් සැකසූ ලිිපියක් සම්බන්ධයෙන් බව ද ඔහු එහි දක්වා ඇත. පොලිස්පතිධූරය සම්බන්ධයෙන් සමාජමාධ්‍යවල සංසරණය වන කරුණු පිළිබඳව ද එහි දී තමා වෙත අමාත්‍යවරයා චෝදනා එල්ල කළ බවත් තමන්ට ස්ථානමාරුවීමක් ලබාදෙන බවට ඉඟි පළකළ බවත් ඔහු විසින් සඳහන් කර තිබේ.

එම සාකච්ඡාවෙන් පසු අමාත්‍යවරයාගේ කාර්යාලයට තමන් කැඳවා දකුණු පළාත පොලිසියේ පාලනයෙන් ගිලිහී ඇතැයි ද පැවසූූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර ඇත. ඒ බව පවසමින් ඔහු ජාතික පොලිස් කොමිසමට දැනුම් දී ඇත්තේ බස්නාහිර පළාතේ  පොලිසිවලට අදාළ අපරාධ දත්ත, වෙඩි තැබීමේ සිදුවීම් සහ වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා සංසන්ධනය කරන ලෙසයි. මේ අනුව තමාගේ කරුණු සළකා බලා තමන්ට දී ඇති මාරුවීම අනුමත නොකරන ලෙසත් එය ද්වේශසහගත මාරුවීමක් බවත් අජිත් රෝහණ ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබිණි.

ඔහුට අමතරව මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද තමන්ගේ මාරුවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට විරෝධතා ලිපියක් ඉදිරිපත් කර තිබිණි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම මාරුවීම් සියල්ල සිදුකළේ සේවා අවශ්‍යතාව අනුව නීත්‍යානුකූලව බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්බන්ධයෙන් කිසිදු ද්වේශයක් නොමැති බවත් ඔහුගේ සේවාවට සම්බන්ධ කරුණුවලට අදාලව විවිධ පොලිස් ස්ථානවලින් ඉදිරිපත් වී ඇති අදහස් ද සැළකිල්ලට ගෙන මෙම මාරුවීම සිදුකර ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මේ වනවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙහිර පළාතට මාරු කිරීම වෙනුවට පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇති අතර ඔහුගේ ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!