5.2 C
New York

“ත්‍රස්ත පනත එපා” උතුරු නැගෙනහිර අද හර්තාලයක්

Published:

ත්‍රස්ත විරෝධී පනතට විරෝධය දැක්වීමටත්, දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙසත් ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහි හර්තාල් ව්‍යාපාරයක් අද (25) සිදුකරන බව දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ පවසයි.

මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් එම ප්‍රදේශවල පෞද්ගලික බස්රථ ධාවනයට ද බාධා එල්ල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය. සියලු ව්‍යාපාරික ස්ථාන වසා තබන ලෙස ද එම ප්‍රදේශවල දැනුම්වත් කිරීම් සිදුකර තිබිණි.

අතර මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කීවේය.

Related articles

Recent articles

spot_img