spot_img
spot_imgspot_img

සුමාත්‍රා දූපත් අසළ ප්‍රභල භූමිකම්පාවක්. ශ්‍රී ලංකා භූ තැටිය තවදුරටත් සෙළවෙයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නව රිච්ටර් මාපක 7.1ක් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

අද (25) අලුයම 1.30ට මෙම භූමිකම්පාව සිදුවීමත් සමඟ සුමාත්‍රා දූපත් අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කිරීමට හා වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත්කිරීමට ද ඉන්දුනීසියා භූ විද්‍යා ඒජන්සිය සහ එරට රජය කටයුතු කර තිබිණි. නමුත් සුනාමි තත්වයක් ඇති වී නැත.

එම භූමිකම්පාව හටගෙන ඇත්තේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 84ක් පමණ ගැඹුරිනි. එම භූමිකම්පාව සිදුවීමෙන් පසු අලුයම 3.49ට ඒ ආසන්නයෙනම් ම රිච්ටර් මාපක 4.3ක භූමිකම්පාවක් ද සිදුව ඇත. එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 21.6ක් ගැඹුරින් පිහිටා ඇත. මෙම භූමිකම්පා දෙකම සිදුව ඇත්තේ සුමාත්‍රා දූපත්වලට බටහිරින්, ටෙලුක් දමාන් නගරයට කිලෝ මීටර 170ක් දුරිනි.

කෙසේ වෙතත් මෙවැනි ප්‍රබල භූමිකම්පාවක් සිදුවීමට පෙර ඊයේ (24) සවස  4.28ට රිච්ටර් මාපක 5.1ක භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ බ්ලෙයාර් වරායට කිලෝ මීටර 280ක් බටහිරින් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 7.2ක් ගැඹුරින් සිදුව  තිබිණි. එමෙනම් ඊයේ(24) සවස 5.43 ට රිච්ටර් මාපක 4.8ක භූමිකම්පාවක් ද සිදුව තිබිණි. එම භූමිකම්පාව ඉන්දුනීසියාවේ පැගාර් අලාම් නගරයට කිලෝ මීටර 110ක් දුර බටහිර මුහුදේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 62.4ක් ගැඹුරින් සිදුව ඇත.

මෙම භූමිකම්පා මාලාව ම සිදුවන්නේ ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියා තැටියේ නැගෙනහිර මායිමේ ය. මෙම කම්පන මාලාවත් සමඟ තවත් ප්‍රබල භූමිකම්පා ඇතිවිය හැකි අතර එසේ වුවහොත් සුනාමි අනතුරු සම්බන්ධයෙන් ද විමසිලිමත්ව සිටීම ඉන්දියානු සාග‍රයේ පිහිටි ශ්‍රී ලංකාව ඇතුළු සියලු රටවලට වැදගත් වනු ඇත.

සුනාමියක් ඇතිවීමට නම් රිච්ටර් මාපකයේ ඒකක 7.0ට වැඩි භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් සිදුවිය යුතු අතර එම භූමිකම්පාවේ කම්පන තරංගය සිරස් අතට සිදුවිය යුතුය. මෙවැනි භූමිකම්පා සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. 2004 වර්ෂයේ සුනාමි ඇතිකළ භූමිකම්පා රිච්ඩර් මාපකයේ ඒකක 9.2ක් ලෙස සටහන්ව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!