spot_img
spot_imgspot_img

රනිල්ට සෙත් පතන්න, රජයේ නිලධාරීන්ගෙන් සල්ලි එකතුකරයි

පුවත්

විදෙස්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ රජයට සෙත්පතා ජුනි මස 02 වැන දා පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ දානමය පිංකමක් සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල සියලු ම නිලධරීන්ගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙයට අදාල ලිපියක් MINPUB/Buddhist/2023 අංකයෙන් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( අභ්‍යන්තර පාලන) එම්.එල්.ගම්මන්පිල විසින් අමාත්‍යාංශය යට‍තේ ඇති සියලු අංශ වෙත යොමුකර තිබේ.

එම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ පරිත්‍රාණ ධර්ම දේශනය සහ දානය පැවැත්වීමෙන් මහත්ඵල මහානිංසාස ලැබෙන බවයි. ඒ සඳහා බැතිබර දායකත්වය සහ සහභාගීත්වය අපේක්ෂා කරන බව ද දැනුම් දී තේබ. ඒ අනුව පහත සඳහන් පරිදි මුදල් එකතු කිරීමට මෙම ලිපිය මගින් දැනුම් දී ඇත.

  • අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල විශේෂ ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරීන්ගෙන් රුපියල් 5000.00ක්
  • පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියකුගෙන් රුපියල් 2,500.00
  • අනෙකුත් සියලු ම මාණ්ඩලික නිලධාරීයකුගෙන් රුපියල් 1,000.00
  • අනිකුත් සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් කැමැත්ත පරිදි අවම වශයෙන් රුපියල් 100.00ක්

මෙම මුදල් 2023-05-10 වැනි දින හෝ ඊට පෙර රාජ්‍ය පරිපාලන අංශයේ අභ්‍යන්තර පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වෙත ලබා දෙන ලෙස ද එම පිංකමෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදනේ එම නිලධාරීන්ගේත් ආයතනයේත් සියලු කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් එම ලිපියේ දන්වා තිබේ.

රාජ්‍ය ආයතනයක මෙවැනි පිංකම් පැවැත්වීමට අවශ්‍ය වන්නේ ද යන්නත් ලේකම්වරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වුවමනාවට ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට හා මිත්‍යා විශ්වාසයන්ට අනුව අනෙක් නිලධාරීන්ගෙන් මුදල් එකතු කරමින් මෙවැනි දේ කිරීම නිවැරදිද යන්නත් රාජ්‍ය නිලධාරීන්ම ප්‍රශ්න කරති.

ඉතාමත් රැඩිකල් පුද්ලයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සෙත් පතන බව පවසමින් අමාත්‍යාංශයේ පිරිසක් ඔහු අපහසුතාවට පත්කිරීමට මේ කාර්යය සිදුකරන බවත්, මෙම මුදල් එකතුකිරීමම පිටුපස විශාල ජාවාරමක් ඇති බවත් එම අමාත්‍යාංශයේ ම නිලධාරීහු චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!