ඇඳිරිනීතිය ඉවත්කළත් හුදකලා ප්‍රදේශ මෙන්න

0
172

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) ඉවත් කළ ද කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හෙට අළුයම 5.00ට ඇඳිරිනීතිය ඉවත්කරයි. එසේ වුව ද කොළඹ දිස්ත්‍රික්යේ අවදානම් බවට හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් බාහිර සමාජය සමඟ සම්බන්ධවීම වැළැක්වීම සඳහා හුදකලා කිරීමට තීරණය කර තිබේ.

මේ අතර කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට අළුයම 5.00 සිට ඉවත් කරන බව ද හමුදාපතිවරයා කීවේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා කිරීමට නියමිතය.

එමෙන් ම මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන සහ සිරිසර උයන, එන්එච්එස් නිවාස සංකීර්ණය ද හුදකලා කරන බව ද හමුදාපතිවරයා කියා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇල, සපුගස්කන්ද, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම වෑකඩ – බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසය ද තවදුරටත් හුදකලා කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහා නගර සභා සීමාව කුලියාපිටිය පොලිස් වසම ද තවදුරටත් හුදකලා කිරීමට නියමිතය. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදකලා කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here