8.6 C
New York

පොහොට්ටුවේ සභාපති ධූරය භික්ෂුවකට

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන පත්කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් කීවේය.

එම පක්ෂයේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද ක්ෂ කාර්යාලයේ දී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජප්කෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අද (22) පැවැති එම රැස්වීම සඳහා පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස්ට ආරාධනා කර තිබුණ ද ඔහු පැමිණීම ප්‍රතික්ෂේප කර තිබූ බව පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

පක්ෂ සභාපතිවරයා නොපැමිණීම හේතුවෙන් ඔහු නොමැතිව රැස්වීම ආරම්භ කළ අතර නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීමේ අවස්ථාවේ දී සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන පත්කර ගෙන ඇත්තේ ඒකච්ඡන්දයෙනි.

පක්ෂයේ අනෙක් නිලධාරීන් කිසිවෙකුත් වෙනස් වී නැත.

උතුරාවල ධම්මරතන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයකු ලෙස සේවයකළ බෞද්ධ භික්ෂුවකි.

Related articles

Recent articles

spot_img