-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 10,692ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 966ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,260ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් ‍හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 256
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 92
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 44

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම කොටස් මිලියන 10
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%
  • නේෂන් ලංකා සමාගම 25%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 860,000ක් රුපියල් 64.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 174,000ක් රුපියල් 119.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 327
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 311ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 83ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 228ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 191
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 33
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 18

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 70
  • බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img