spot_img
spot_imgspot_img

පාසල් දැරියන්ගේ අඩ නිරුවත සෙවූ, හමුදා මේජර්ට බස් මගීන්ගෙන් ප්‍රහාරයක්. පොලිසියට පැමිණිල්ලක් නැතිලු

පුවත්

විදෙස්

කතරගම බසයකට ගොඩ වූ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකුගේ අඩ නිරුවත් දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ යුද හමුදා මේජර්වරයකුට බස් මගීන් විසින් පහර දී හබරාදුව පොලිසිය අද (21) සවස බාර දී තිබේ.

මෙලෙස පොලිසියට බාර දී ඇත්තේ ගාල්ල නගරයේ පිහිටි රජයේ ආයතනයකට අනුයුක්තව සේවය කරන මේජර්වරයෙකි.

කොළඹ සිට කතරගම දක්වා යන බසයට ගාල්ල නගරයෙන් නැග අසුනක වාඩි වී ඇති අතර පසුව එම බසයට ම පාසල් දැරියන් කිහිප දෙනකු පාසල් නිළ ඇඳුමින්ම නැග ඇත. බසය ධාවනය වෙමින් තිබිය දී මේජර්වරයාට පිටුපස අසුනක සිටි පුද්ගලයකු නැගිට මේජර්වරයාගේ ජංගම දුරකථනය උදුරාගෙන මහ හඬින් කෑ ගසා කියා ඇත්තේ එම මේජර්වරයා පාසල් සිසුවියන් දෙදෙනාගේ සිටගෙන සිටි‍ය දී ඔවුන්ගේ පාද අතරින් දුරකථනය යවමින් වීඩියෝ කරනු තමන් දුටු බවයි. ඒ සමඟම බසයේ සිටි තවත් පුද්ගලයන් ඉදිරිපත් වී ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේ දී එහි එම දර්ශන තිබී ඇත.

මේ සමඟම මේජර්වරයාට බස් රථයේ සිටි මගීන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර විනාඩි ගණනාවක් ඔහුට පරහ දී බස් රථය හබරාදුව පොලිස් ස්ථානය අසළ නවතා තිබේ.

බස් රථය නැවතූ පසු එම බසයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ද සමඟ බසයේ සිටි මගීන් විශාල පිරිසක් එම මේජර්වරයාට තවදුරටත් පහරදෙමින් ඇදගෙන ගොස් පොලිස් ස්ථානයට බාර දී ඇත.

නමුත් මේ වනවිට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව යුද හමුදා මේජර්වරයා මුදා හැරීමට විවිධ පාර්ශව උත්සාහ ගන්නා බව වාර්තා වේ.

මේ පිළිබඳ අප හබරාදුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සිද්ධිය සත්‍යයක් බවයි. යුද හමුදා මේජර්වරයකු බස් රථයක දී පාසල් සිසුන් දෙදෙනකුගේ අඩ නිරුවත් දර්ශන ගැනීමට උත්සාහගත් බව කියමින් බසයක පිරිසක් ඔහු පොලිසියට ගෙනවිත් බාර දුන් බව සත්‍යයක් බව ද ස්ථානාධිපතිවරයා කීවේය. නමුත් එම මේජර්වරයා සේවය කරන ආයතනය හෝ ඔහුගේ තනතුරු නාමයන් ගැන සොයා නොබැලූ බව ද ස්ථානාධිපතිවරයා පවසයි.

“ මේ ගැන අපි විමර්ශනයක් කරනවා. තවම අධිකරණයට ඉදිරිපත් කරනවා ද කියා තීරණයක් ගත්තේ නෑ. මුදාහැරියේ නම් නැහැ. ඔහු තවම පොලිසියේ ඉන්නවා. ලොකුම ගැටලුව තියෙන්නේ කවුරුවත් පැමිණිල්ලක් කරලා නැහැ.” ස්ථානාධිපතිවරයා කීවේය.

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුවන අජිත් කුමාරගෙන් අප මේ සිද්ධිය සම්බන්ධ නීතිමය කරුණු විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මෙය අපරාධමය වරදක්. කිසියම් කෙනෙක් අපරාධමය වරදක් පිළිබඳ පොලිසියට තොරතුරක් දුන්නම ඒකට පැමිණිල්ලක් තියෙනවාද නැද්ද කියන එක අදාල නැහැ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. දැන් සැකකරුවා සාක්ෂි සහිතව පොලිසියට ‍බාරදීලා තියෙනවා. ඒකට පැමිණිල්ලක් අවශ්‍ය නෑ. දරුවන්ගේ අඩ නිරුවත් වීඩියෝ ඒ ‍ජංගමදුරකථනයේ තිබෙනවානම් පොලිසියට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ විතරක් නෙවෙයි බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ගෙන්වාගෙන ප්‍රකාශයක් ගන්නත් පොලිසියට පුළුවන්. ඒ නිසා පැමිණිල්ලක් නෑ කියලා මේජර්වරයා මුදාහරින්න පොලිසිය උත්සාහ ගන්නවානම් ඒක වැරදියි. නීතිය මෙතැන දී ක්‍රියාත්මක විය යුතුයි.”

කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ WP NG 1230 අංක දරණ බස් රථයේ දී මෙය සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!