spot_img
spot_imgspot_img

“උසස් පෙළ දරුවන් සමඟ ප්‍රශ්නයක් නෑ. වැටුප රුපියල් 20,000ක් නෑ. බෙහෙත් ගන්න වැටුප මදි”

පුවත්

විදෙස්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප බෙහෙත් ගන්නත් ප්‍රමාණවත් නැතැයි ද, රුපියල් 20,000.00ට වඩා අඩු වැටුප් ලබාගන්නා විශාල පිරිසක් සිටින්නේ යැයි ද විශ්වවිද්‍යාල අචාර්යවරු අද (21) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මේ නිසා තම ඉල්ලීම් කෙරෙහි කිසියම් හෝ නම්‍යශීලී බවක් දක්වන්නේ නම් හෙට (22) සිට හෝ උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නහැක පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නම්‍යශීලීව කිසියම් විසඳුමකට පැමිණීමට උත්සාහ කරන අවස්ථාවේ ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත් වී ආචාර්යවරුන්ට තර්ජනය කරන බවයි. ආචාර්යවරුන්ගේ දේපළ තහනම් කරන බව කියමින් අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට උත්සාහ ගන්නා බව ද ඔවුන් පෙන්වා දුන්නේය.

“අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. නමුත් අද්‍යාපනයට අවශ්‍ය කිසිදු පහසුකමක් ලබානොදී දේශඵාලන න්‍යායපත්‍ර මත පමණක් ක්‍රියාත්මක වෙමින් මේ ආකාරයෙන් තර්ජනය කිරීම සංගමයක් ලෙස අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. අපි ජනාධිපතිවරයාට අභිියෝග කරනවා පුළුවන්නම් දේපළ රජයට පවරාගෙන අපිව සිරගත කරන්න කියලා. අපේ ඉල්ලීම් පිළිිබඳ අවධානය යොමුකරලා තාවකාලික විසඳුමක් දෙනවා නම් අපි අදාළ කටයුතු සඳහා ඕනෑම වෙලාවක එක්වීමට සූදානම්. දරුවන් සමඟ අපේ කිසිම ගැටලුවක් නැහැ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම තමා අපේ අරමුණ. නමුත් ඒකට ඉඩ නොදෙන්නේ රජයයි. අපි බදු පනත අහෝසි කරන්න කියලවත්, බදු එකතු කරන්න එපා කියලත් කියන්නේ නැහැ. අපි කියන එකම දේ මේ බදු එකතුකිරීමේ සුළු වෙනස් කමක් කරන්න. අපිට සහනයක් දෙන්න කියලා. රජයේ ආදායම් වැඩිකරගන්න පුළුවන් විදිය අපි පෙන්වා දී තිබෙනවා. නමුත් ඒවා කරන්නේ නැතිව අපිපට තර්ජනය කරනවා.” යැයි මහාචාර්ය බන්නැහැක වැඩිදුරටත් කීවේය.

පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය සංගමේ සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම අදහස් දක්වමින් කියා සිටියේ කුඹුරක් හාන්න යොදාගන්නා හරක්ට වගේ කෙවිටක් අරගෙන බය කරලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් වැඩ කරගැනීමට නොහැකි බවිය. ඔහු පෙන්වා දුන්නේ තමන්ට ලැබෙන වැටුප තමන්ට අවශ්‍ය බෙහෙත් ලබාගැනීමට හෝ ප්‍රමාණවත් නොවන බවකි. එමෙන් ම රුපියල් 20,000.00කට වඩා අඩු වැටුප් ගන්නා විශ්වවිද්‍යාල ආචාර්යවරු ද සිටින බව හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!